Saturday, 19 March 2022


දින හයක් පුරා මෙරට නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන නෞකාවට ගෙවීම සඳහා අවශ්ය ඩොලර් මිලියන 42ක මුදල තවමත් සොයාගත නොහැකි වූ බව බලශක්ති අමාත්යාංශය පවසයි.

මේ සඳහා අවශ්ය මුදල් කිසිඳු බැංකුවකින් ලබාගත නොහැකි වූ බවත්, එම ඩොලර් ප්රමාණය ලබාදීමට දින කිහිපයක් අවශ්ය බව බැංකුවලින් දැනුම් දී ඇති බවත් එම අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය පැවසුවාය.
ලබන සඳුදා දිනය වන විට එම මුදල් සපයාගෙන නෞකාවේ ඇති ඉන්ධන ලබාගැනීමට හැකිවනු ඇතැයි ද ලේකම්වරිය සඳහන් කළාය.
ඩීසල් මෙට්රික්ටොන් 20,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්රික්ටොන් 20,000ක් රැගත් මෙම නෞකාව නැංගුරම් ලා ඇති දිනවලදී ප්රමාද ගාස්තු වශයෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 19,000 බැගින් ගෙවිය යුතු බව ද ඇය කීවාය.
අවශ්ය ඩොලර් ප්රමාණය පෞද්ගලික බැංකුවලින් හෝ ලබාගන්නා ලෙස මහබැංකුව බලශක්ති අමාත්යාංශයට දැනුම් දී ඇති බැවින් එම අමාත්යාංශය දිවයිනේ ප්රධාන බැංකු සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙම අවස්ථාවේදී එපමණ ඩොලර් ප්රමාණයක් සොයාදිය නොහැකි බව එම බැංකු දැනුම්දී ඇතැයි වාර්තා වේ.
අමාත්යාංශ ලේකම්වරිය පැවසුවේ ඩීසල්වල යම් හිඟයක් පවතින නමුත් පෙට්රල් ප්රමාණවත් තරම් මෙරට පවතින බවයි.
වෙනදා දින දෙකකට ප්රමාණවත් වන ඩීසල් ප්රමාණයක් නිකුත් කළ විට එය පැය තුනකින් පමණ අවසන් වන බවත්, එසේ වීම ගැටලුවක් බවත් කී ලේකම්වරිය සඳුදා (21) තෙක් ප්රමාණවත් තරම් ඩීසල් ද රට තුළ තිබෙන බව කීවාය.
තවත් ඩීසල් නෞකාවක් අද (20) දිනයේදී ද මෙරටට පැමිණෙන බව ඇය පැවසුවාය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...