Friday, 11 March 2022


ව්යාජ තොරතුරු ඉදිරිපත්කර අවිධිමත් රාජ්යතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ලබාගත්තේ යැයි චෝදනාලබා සිටින හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව මැයි මස 6 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නඩුවේ තීන්දුව අද (11) ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි
එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්රාත් චන්දිම ලියනගේ මහතා සඳහන් කළේ එම තීන්දුව ප්රකාශ කිරීම මැයි මස 6 වනදා සිදුකරන බවය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
ව්යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...