රූපවාහිනී සජීව ප්රවෘත්ති විකාශයක් අතරතුර යුක්රේන ආක්‍රමණයට එරෙහිව විරෝධය පෑ එරට රජයේ මාධ්‍යවේදිනියක වූ මරීනා ඔව්ස්යැනිකෝවාට රුසියානු මුදලින් රුබෙල් තිස්දහසක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 76,000ක පමණ) දඩයක් නියම කර ඇතැයි එරට ‘ටාස්‘ පුවත් සේවය වාර්තා කළේය. සජීව මහජන සන්නිවේදනයක් අතරතුර අනවසරයෙන් කඩා පැනීමේ චෝදනාව යටතේ ඇයට එරෙහිව කඩිනමින් නඩු පවරා තිබූ අතර, ඊට පෙර ඇය රුසියානු බලධාරීන්ගේ පැය 14ක ප්‍රශ්න කිරිමකට ද ලක් වූවාය. ප්‍රශ්න කිරීම අතරතුර ඇයට කිසිදු නීතිඥයකුගේ සහාය ගැනීමට අවසර නොදීමට ද බලධාරිහු පියවර ගත්හ.
රුසියානු රජයේ රූපවාහිනියේ චැනල් 1 නාලිකාවේ සංස්කාරකවරියක ද වන ඇය වරද නොපිළිගත් අතර, දඩ මුදල නියම කිරීමෙන් පසු නිදහස් කර ඇතැයි ද වාර්තා වේ. ඇගේ පියා යුක්රේන ජාතිකයකු බව ප්‍රශ්න කිරිමේදි හෙළි වූ බව රුසියානු බලධාරිහු වාර්තාකරුවන්ට කියා සිටියහ.
No comments:
Post a Comment