Thursday, 17 March 2022


රට පාලනය කළ හිටපු සහ වත්මන් දූෂිත දේශපාලකයන්ට විරෝධය දැක්වීමක් ලෙස ශ්රී ලංකාවට ඩොලර් එවීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව ඉතාලියේ මිලානෝ නුවර පිහිටි ශ්රී ලාංකික විදේශිකයන් එක්ව පිහිටුවා ගත් වෙනසක් සඳහා ශ්රී ලාංකික විදේශිකයන් ‘Sri Lankan Expatriates for Change’ සංවිධානය ප්රකාශ කර ඇත.

“ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවූයේ සංචාරක ව්යාපාරයේ කඩා වැටීම හෝ විදේශගත ශ්රී ලාංකිකයන් මුදල් ප්රේෂණය කරන පරිහානිය නිසා නොවන බව කවුරුත් දන්නා කරුණකි. අපේ ඥාති හිතමිත්රාදීන්ට දිගු පෝලිම්වල දුක් විඳීමටත්, අඳුරේ ලැගීමටත් සිදු කළේ වත්මන් පාලකයන් ය. දැන් ජාතිය පාලනය කරන දූෂිත දේශපාලකයෝ සහ අතීතයේ ආණ්ඩු කළ පිරිස් අපේ ලේ දහදිය මංකොල්ල කා ඇත. එබැවින් දූෂණයෙන් තොර රජයක් පිහිටුවන තුරු විදේශගත ශ්රී ලාංකිකයන් වන අපි ශ්රී ලංකාවට කිසිදු ඩොලර් ප්රේෂණය නොකිරීමට තීරණය කර ඇත.” යනුවෙන් වෙනසක් සඳහා ශ්රී ලාංකික විදේශිකයන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
“රටේ වත්මන් තත්ත්වයට ඔවුන්ගේ සංචාරක යැපුම් අඩුවීම සහ විදේශිකයන්ගේ ප්රේෂණ හේතු වූ බව ඔවුන් පැවසීම හාස්යජනකය. එය ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට අර්ථවත් පියවර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාවයි. ප්රශ්නය විසඳීම සඳහා අර්ථවත් හා ප්රත්යක්ෂ ක්රියාමාර්ග ගැනීම රජයේ යුතුකමයි,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...