ජනතා විරෝධය හා කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා සංවිධානය කර තිබූ යතුරුපැදි සවාරිය නතර කිරීමට පියවර ගත් බව පොලිසිය පැවසීය.
ඊයේ දිනයේ සිට ලබන 19 වන දින දක්වා මෙම යතුරුපැදි සවාරිය සංවිධානය කර තිබූ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳ සමාජ මාධ්ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්ය කොට්ඨාශය පැවසුවේ පුද්ගලික සංවිධානයක් විසින් අපේක්ෂා රෝහලට මූල්ය පරිත්යාගයක් සිදුකිරීමේ අරමුණින් මෙම යතුරුපැදි සවාරිය සඳහා අවසර ඉල්ලා තිබූ බවය.
සමාජ සේවා කාර්යයකට අදාළ වන බැවින් නියමිත කොන්දේසිවලට යටත්ව ඒ සඳහා අවසර ලබාදුන් බව පොලිසිය ප්රකාශ කළේය.
කෙසේවෙතත් පොලිස් මාධ්ය කොට්ඨාශය පැවසුවේ ජනතා විරෝධය සහ නියමිත කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් යතුරුපැදි සවාරිය නතර කිරීමට පොලිසිය තීරණය කර ඇති අතර ඔවුන් විසින් නීතියට පටහැනි ආකාරයේ කටයුත්තක් සිදුකර ඇත්නම් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවය.
No comments:
Post a Comment