ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු බලධාරීන්ට අප්‍රේල් මස 8 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය අද (මාර්තු 10) නොතීසි නිකුත් කරනු ලැබී ය.
ගෑස් සිලින්ඩරයක් පුපුරා තම බිරිඳ මිය යාම සම්බන්ධයෙන් වගකිව යුතු ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව සාවද්‍ය නොවන මිනී මැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස බල කරමින් මැන්ඩාමුස්රිට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරට නිකුත් කරන ලෙස ඉල්ලා සිව් දරු පියෙක් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.
අදාළ පෙත්සම මිය කාන්තාවගේ ස්වාමි පුරුෂ යා සහ දරුවන් සිව් දෙනා විසින් ගොනු කරනු ලැබ ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, පාරිභෝගික සේවා අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
මහනුවර, කුණ්ඩසාලේ නිවසක ගෑස් පිපිරීමක් ආශ්‍රිත අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිවියදී 51 හැවිරිදි සිසු දරු මවක ඉකුත් වසරේ ජීවිතක්ෂය යට පත් වී තිබිණි.
කමල් මහේන්ද්‍ර විරරත්න
No comments:
Post a Comment