Sunday, 20 March 2022


දුර… ලංකාවේ සිට කිලෝමීටර 80 යි.

කච්චතිව් දූපත ජනතාවට විවෘත වන්නේ වසරකට එක් වරයි…
සියළු සංවිධාන කටයුතු ලංකා නාවික හමුදාවෙන්

කුරිකඞ්ඩුවාන් ජැටිය වෙත ළඟා වීම පිණිස යාපනය නගරයේ සිට ගොඩබිම් මාර්ග ඔස්සේ කිලෝමීටර් තිහකට ආසන්න දුරක් ගමන් කළ යුතුය. රාතරිය දඹකොළ පටුනේ ගත කළ අප මාධ්ය කණ්ඩායම පසුදා උදෑසන එම ස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලද්දේ හැකිතාක් ඉක්මනින් කුරිකඞ්ඩුවාන් වෙත ළඟා වීමේ අරමුණින් යුතුවය. අප රැගත් බස් රථයට ඒ සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත විය. ගමනාන්තයට තරමක් මෙපිට සිට දකින්නට ලැබෙන දර්ශනය මනරම්ය. කළපු දිය මැද ඉදිකරන ලද තනි මගක් ඔස්සේ බස් රථය සෙමින් ගමනක ය. එබැවින් දෙපසින් දර්ශනය වන සුන්දරත්වය මැනවින් විඳගත හැකිය. උදෑසන හිරු එළිය උරාබොන කළපු දිය රිදී පැහැයක් ගෙන ඇත. හමන සුළඟ ද ලවණ මුසු පිළි කාරමකින් යුක්තය. ඒ හැරුණු කොට කලපුවේ තැන තැන නතර කොට ඇති ධීවර යාතරාවක් දෙකක් හැරෙන්නට මුළුමනින්ම දර්ශනය වන්නේ කළපුවත් උතුරු මුහුදත් යා කරන මනස්කාන්ත දසුන් පෙළක්ය. ඇසට රසඳුනක් වන් එ’මග තවත් නොබෝ දුරක් ගමන් කළ අප රැගත් බස්රථය කුරිකඞ්ඩුවාන් වෙත ළඟා වන විට දහවල් 12.00ට පමණ ආසන්න ව පැවතුණි.
එතැන් සිට උතුරු අර්ධද්වීපයේ පිහිටි දූපත් සමූහය වෙත ගමන් කිරීමට නම් ඒ සඳහා මුහුදු මාර්ග භාවිතා කළ යුතුය. නාගදීපය වන්දනාමාන කිරීම පිණිස යන එන බැතිමතුන් මෙන්ම ඩෙල්ෆ්ට් දූපත් වාසීන් තම තමන්ගේ ගමනාගමන කටයුතු පිණිස කුරිකඞ්ඩුවාන් වෙත ළඟා විය යුතුය. එහි ශරී ලංකා නාවික හමුදාවට අයත් නාවික අනු ඛණ්ඩයක් පිහිටුවා ඇත. එතැන් සිට උතුරු අර්ධද්වීපයේ පිහිටි දූපත් වෙත ගමන් කිරීම පිණිස පහසුකම් සපයනු ලබන්නේ ශරී ලංකා නාවික හමුදා විසින්ය. ඔවුන්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ කරියාත්මක වන බෝට්ටු සේවාවන් ඒ සඳහා භාවිතා කළ යුතුය. ඉකුත් 11දා දහවල අප එහි ළඟා වන විට කුරිකඞ්ඩුවාන් ජැටිය හා ඒ අවට දකින්නට ලැබුණේ තරමක කලබලකාරී ස්වරූපයක් ය. ඒ සඳහා මූලික හේතුව බවට පත්වන්නේ පසුදින (12දා) පැවැත්වෙන සුවිශේෂී ආගමික කටයුත්තක් සඳහා කච්චතිව් දූපත බලා ගමන් කිරීම පිණිස පැමිණි බැතිමතුන් පිරිසක් එහි ළඟාවීම හේතුවෙන්ය. ජැටිය හා ඒ අවට වෙනදාට දකින්නට නොලැබෙන තරමක ජනාකීර්ණ බවක් උසුලන්නේ එබැවින් ය.
කච්චතිව් දූපත බලා පිටත්ව යෑමට පැමිණි බැතිමතුන් උදෙසා අවශ්ය සියලූ කටයුතු ලහිලහියේ සූදානම් කරන ආකාරයක් දැකගත හැකිය. නාවික හමුදා සාමාජිකයන් විසින් එම කටයුතු මැනවින් සංවිධානය කර ඇත. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර දේවමෙහෙය සිදු වන්නේ සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්ය. ඒ සඳහා ශරී ලංකාව නියෝජනය කරමින් සියයකට ආසන්න බැතිමතුන් පිරිසකුත් ඉන්දියාව නියෝජනය කරමින් එවැනිම සංඛ්යාවකින් යුත් බැතිමතුන් පිරිසක් ද සහභාගිවීමට නියමිතය. මෙරට නියෝජනය කරමින් සහභාගී වන බැතිමතුන් පිරිස අතරට මාධ්යවේදීන් කණ්ඩායමක් ද ඇතුළත්ය. විද්යුත් හා මුද්රිත මාධ්ය නියෝජනය කරමින් මාධ්යවේදීන් දස දෙනෙක් පමණ ඒ සඳහා සහභාගී වූහ. ඊට අමතරව නාවික හමුදා මාධ්ය ඒකකයට අයත් සාමාජිකයන් පිරිසක් ද එම කණ්ඩායමට අයත් විය. ඒ අනුව බැතිමතුන් ඇතුළු අප කණ්ඩායම සිය දෙනෙකුට ආසන්න පිරිසකගෙන් සමන්විත වූහ. කච්චතිව් බලා අප රැගෙන යෑම පිණිස ”වඩතාරකී” නම් මගී පරවාහන යාතරාව නියමිත වේලාවට කුරිකඞ්ඩුවාන් ජැටිය වෙත ළඟා විය. එතැන් සිට සියලූ කටයුතු නාවික හමුදාවේ උපදෙස් පරිදිය. මහල් දෙකකින් යුත් ”වඩතාරකී” මගී පරවාහන යාතරාව වෙත පිවිසෙන මගීන්ගෙන් කොටසක් එහි පහත මාලයටත් තවත් කොටසක් ඉහළ මාලයටත් අයත් වන ආකාරයට අසුන් ගැන්වීම ආදිය සිදුවන්නේ නාවික හමුදාවේ පූර්ණ උපදෙස් හා මගපෙන්වීම මතය.
යාතරාවේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමෙන් අනතුරුව දීර්ඝ මුහුදු ගමන ආරම්භ විය. මාධ්යවේදීන් වූ අපට එය තරමක වෙනස් අත්දැකීම් සමූහයක් ගෙනදුන් චාරිකාවක් බඳු විය. කච්චතිව් වෙත ළඟා වීම පිණිස කිලෝමීටර් 80 ක පමණ දුරක් මහ මුහුද තරණය කළ යුතුය. අප රැගත් ”වඩතාරකී” මගී පරවාහන යාතරාව කරමයෙන් ඉදිරියට යාතරා කරන්නට විය. කරමයෙන් ශරී ලංකාව ඡායා මාතරයක් බවට පත් ව නොපෙනී යන්නේ ගමන ආරම්භ කොට පැය භාගයක් පමණ ගත වීමත් සමගය. එතැන් සිට පැය 2කට අධික කාලයක් ගත වන තුරු ගොඩබිමක සේයාවක් දකින්නට නොවීය. ”වඩතාරකී” සිය සුපුරුදු ගමන් වේගයට අනුව යමින් කච්චතිව් බලා යාතරා කරන්නට වූ අතර රළ බිඳෙන හඬත් වරින් වර නාවික හමුදාව විසින් ලබාදෙන උපදෙස් ආදියත් හැරෙන්නට හාත්පස වචනයෙන් විස්තර කළ නොහැකි නිහඬ බවක ගිලී ඇත. එම නිහඬ බව තුළ සුවිශේෂී මුහුදු චාරිකාවක අපූර්වත්වය ද ගැබ් වී ඇති ආකාරයක් දැකගත හැකි විය. ගමන ආරම්භ කොට පැය දෙකකට අධික කාලයක් ගතවීමත් සමඟ අප රැගත් ”වඩතාරකී” යාතරාවට දකුණු දෙසින් එක්තරා දූපතක් දිස්වන්නට විය. එය අප කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන දුන් දර්ශනයක් විය. අප රැගත් යාතරාවේ ගමන්ගත් නාවික හමුදා සාමාජිකයෙකුගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ අප දකිමින් හිඳින්නේ මිනිස් වාසයෙන් පිරි ඩෙල්ෆ්ට් දූපත බවත් කච්චතිව් වෙත ළඟාවීම පිණිස ඩෙල්ෆ්ට් දූපත පසුකොට තවත් කිලෝමීටර විස්සකට අධික දුරක් යාතරා කළ යුතුව ඇති බවත්ය.
වසරකට වරක් යෙදෙන දිනෙක කච්චතිව් දූපතට ගමනක්…
රී ලංකාවට අයත් දූපත් සමූහය අතරින් කච්චතිව් යනු මෙරටට දුරින්ම පිහිටා ඇති දූපතක්ය. ශරී ලංකාවට අයත් එම දූපත මිනිස් වාසයෙන් තොරය. සාමාන්ය ජනතාවට එහි ළඟා විය හැක්කේ වසරකට එක් වරක් පමණය. එම සුවිශේෂී වරම හිමි වන්නේ එහි ඉදිකොට තිබෙන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන දේව මංගල්යය පිණිස සහභාගි වන බැතිමතුන් පිණිසය. එම ආගමික කටයුතු පිණිස සහභාගී වීමට නම් කුරිකඞ්ඩුවාන් සිට කිලෝ මීටර 80 ක පමණ දුරක් මුහුදු මාර්ග ඔස්සේ ගමන් කළ යුතුය. කච්චතිව් යනු මේ රටට අයත් දූපතක් වුවද භූගෝලීය වශයෙන් ද එය වඩාත් සමීප වන්නේ ඉන්දියාවේ රාමේෂ්වරන් පරදේශයට ය. කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 13ක් පමණ දුරක් ගමන් කළ පසු ඉන්දියාවට අයත් රාමේෂ්වරන් වෙත ළඟාවිය හැක. කච්චතිව් දූපතේ වාර්ෂික දේව මංගල්යය පිණිස ශරී ලාංකික බැතිමතුන් මෙන්ම ඉන්දියාව නියෝජනය කරමින් විශාල වශයෙන් බැතිමතුන් වාර්ෂිකව එහි පැමිණෙන දැකගත හැකි වන්නේ එබැවින්ය.
අප කණ්ඩායම රැගත් ”වඩතාරකී” මගී පරවාහන යාතරාව කච්චතිව් දූපත වෙත ළඟා වන විට පස්වරු 4.00 ට පමණ ආසන්න ව පැවතුණි. ඒ සඳහා පැය තුනහමාරකට ආසන්න කාලයක් ගත වුණි. හුණුගල් බහුල මනරම් වෙරළ තීරයකින් හෙබි කච්චතිව් දූපත වෙත අප ළඟා වූ සැනින් සිතට මෙන්ම ගතට ද දැනෙමින් පවතින්නේ වෙනත් රටකට ඇතුළු වූවා වැනි හැඟීමකි. දකින්නට ලැබෙන්නේ නොඋස්ව නැගෙන මුහුදු රළ හැපී බිඳෙන වෙරළ තීරයකි. ඉන් එපිට එම පරදේශයට ආවේණික වෘක්ෂලතා ආදියෙන් පිරි දූපත් භූමියකි. මිනිස් වාසයෙන් තොර පරිසර පද්ධතියක් බැවින් කච්චතිව් හි දිස්වන්නේ වචනයට නැගිය නොහැකි තරමේ චමත්කාරයකි. එහි ළඟා වූ බැතිමතුන්ගේ පහසුව පිණිස ශරී ලංකා නාවික හමුදාව විසින් පහසුකම් හා සේවා රැසක් කරියාවට නංවා තිබෙන ආකාරයක්ද දකින්නට ලැබුණි. බැතිමතුන් සඳහා අවශ්ය ආහාර පාන, පානීය ජලය, නවාතැන් පහසුකම් ආදී සියලූ කටයුතු නාවික හමුදාවේ පූර්ණ අනුගරහය යටතේ සිදුවෙමින් පැවතුනි. ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් සඳහා කච්චතිව් වෙත පිවිසීම පිණිස වෙනම පිවිසුම් මාර්ගයක් සහ ශරී ලාංකික බැතිමතුන් වෙනුවෙන් වෙනම පිවිසුම් මාර්ගයක් ලෙස වෙන් වෙන්ව පිවිසුම් මාර්ග දෙකක් දැකගත හැකි වූ අතර ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිකොට ඇති භූමිය වෙත ළඟාවීම පිණිස එතැන් සිට තවත් තරමක දුරක් පාගමනින් ගමන් කළ යුතු විය. අප එහි ළඟා වන විටත් එදින උදෑසන ඉන්දියාවේ සිට එහි පැමිණි බැතිමතුන් තැන තැන විවේක ගන්නා ආකාරයක් දැකගත හැකි වූහ. ඉන් මදක් ඔබ්බෙන් දේවස්ථානය ඉදිකොට ඇත. ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය ඉදිකොට ඇත්තේ කච්චතිව් දූපතේ එක් පසෙකට අයත් වෙරළ තීරයට ආසන්නයේ පිහිටි රමණීය එළිමහන් භූමියකය. අතොරක් නැතුව හමන මුහුදු සුළඟ විසින් එහි පැමිණි බැතිමතුන්ගේ ගමන් මහන්සිය නිවා දමමින් ඇත. දූපතේ ආරක්ෂාව පිණිස විශේෂ පුහුණුවලත් නාවික හමුදා භට පිරිසක් රාජකාරියේ යොදවා ඇත. ඉන් එපිට වෙරළ තීරය ආසන්නයේ දකින්නට ලැබෙන්නේ නැංගුරම් ලා ඇති නාවික හමුදාවට අයත් යාතරා සමූහයකි. දකිමින් සිටින්නේ මුහුදු දිය මත වැටී ඇති සැඳෑ හිරු එළිය විසින් කච්චතිව් විචිතරත්වය තව තවත් විචිතරවත් කරන ආකාරයකි.
රමයෙන් රාතරිය උදා විය. අවට චමත්කාරය අඳුර විසින් ගිල ගනිමින් ඇත. කච්චතිව් දූපතට ඉහළ අහසේ සුපුරුදු ලෙස අඩ සඳක් පායා ඇත. නුහුරු දූපතක තනි වීම තුළ දැනෙන තනිකම දැඩිව නැග එමින් ඇත. එය තරමක් දුරට තුනීවී යන්නේ දැවැන්ත විදුලිය ජනන යන්තර ආධාරයෙන් දේවස්ථානයත් ඒ අවට භූමියත් ආලෝක ගැන්වීමත් සමගය. දේවස්ථානය ඉදිරිපිට ඉදිකොට ඇති දැවැන්ත කූඩාරම වෙත බැතිමතුන් කණ්ඩායම් වශයෙන් එක්රැස් වන ආකාරය දිස් වන්නේ එතැන් සිටය. ඔවුන් එලෙස එක්රැස් වන්නේ පසුදා උදෑසන පැවැත්වීමට නියමිත පරධාන දේව මෙහෙයට පෙරාතුව සිදු කරනු ලබන අවශේෂ දේවමෙහෙයන් පිණිසය. ඒ සඳහා ජාති ආගම් භේද පසෙකින් තබන ලද නාවික හමුදා භට පිරිස් ද සහභාගිවී සිටීම විශේෂත්වයක්ය. ගීතිකා හඬින් දේවස්ථානයත් ඒ අවට භූමියත් පිරී යමින් ඇත. පටු ජාතිවාදී අදහස්වලට කොටු නොවූ ජාතීන් දෙකක් ඉමහත් බැතියෙන් දේවාශිර්වාද ලබාගන්නා ආකාරය පිළිබඳ ජීවමය දර්ශන පෙළ මාධ්යවේදීන් සිය කැමරා කාච තුළ සටහන් කර ගැනීමට උත්සුක වන ආකාරයක් ද එහිදී දැකගත හැකි වූහ. කච්චතිව් හි ගත කළ රැය අවරට යන්නේ එවැනි වටපිටාවක් තුළ ය.
පසුදාට පහන් විය. ඒ වන විටත් පරධාන දේව මෙහෙයට අවශ්ය වටපිටාව සකසා අවසන්ය. එම කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ද නාවික හමුදාව පුළුල් දායකත්වයක් ලබාදෙන ආකාරය දැකගත හැකි විය. බැතිමතුන් පිණිස අවශ්ය උදෑසන ආහාරය ඇතුළු අනෙකුත් අවශ්යතාවයන් සම්පූර්ණ වන්නේ නාවික හමුදාවේ මැදිහත්වීම මතය. තවත් නොබෝ වේලාවකින් උදෑසන දේව මෙහෙය ආරම්භ විය. මෙවර පැවැති දේව මංගල්යයේ පරධාන දේව මෙහෙය, පවත්වන ලද්දේ යාපනය දියෝකිස භාර අනුනායක ජෝශප් ජෙබරත්නම් පියතුමන්ගේ පරධානත්වයෙන් ය. ඒ සඳහා ශරී ලංකාව හා ඉන්දියාව නියෝජනය කරමින් තවත් පියතුමන් ලා කීප දෙනෙකු ඇතුළු කන්යා සොහොයුරියන් කිහිපදෙනෙක්ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත සහ මගපෙන්වීම යටතේ මෙවර පැවැති කච්චතිව් මංගල්යය පිණිස අවශ්ය පහසුකම් සපයා දීම උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් පරියන්ත පෙරේරාගේ අධීක්ෂණය යටතේ සිදුවිය. කතෝලික බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සහභාගි වන මෙම දේව මංගල්යය සඳහා සහභාගි වූ බැතිමතුන් හට අවශ්ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් සහ ජැටි සැකසීම, බැතිමතුන්ගේ ආරක්ෂාව පිණිස ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම, විදුලිය පහසුකම් ඇතුළු වෛද්ය පහසුකම් සපයා දීම පිණිස වෛද්යවරුන්ගෙන් සැදුම්ලත් වෛද්ය කණ්ඩායමක් යෙදවීම වැනි මූලික අවශ්යතා නාවික හමුදා විසින් සපයන ලදි.
එමෙන්ම වසරකට එක්වරක් පමණක් පැවැත්වෙන එම සුවිශේෂී දේවමෙහෙය පිණිස පරදේශයේ දේශපාලන නියෝජිතයන්, විශරාමික ජ්යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් පරියන්ත පෙරේරා ඇතුළු පරදේශයේ තරිවිධ හමුදා සහ පොලිසියේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, රාජ්ය ආයතන නිලධාරීන් විශාල පරමාණයක් ඇතුළු ශරී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි වූහ.
වසරකට වරක් යෙදෙන දිනෙක කච්චතිව් දූපතට ගමනක්…
උදෑසන ආරම්භ වූ පරධාන දේව මෙහෙය නියමිත පරිදි පෙ.ව 10.00ට පමණ නිමාවට පත්විය. මෙවර සෞඛ්ය මාර්ගෝපදේශවලට අනුව ඒ සඳහා සහභාගි වූයේ සීමිත පිරිසක් වුවද අති උත්කර්ෂවත් අයුරින් ඒ කටයුතු සිදුවන ආකාරය දැකගත හැකි විය. කතෝලික බැතිමතුන් ඉමහත් භක්තියෙන් යුතුව සහභාගි වන එම අසිරිමත් මංගල්යය සිදු වන ආකාරය සියැසින් දැක ගැනීමෙන් පසු උදා වෙමින් පැවතියේ කච්චතිව් දූපතට සමුදී නැවත ආපසු පැමිණීමේ හෝරාවය. කච්චතිව් වෙත අප රැගෙන ගිය ”වඩතාරකි” මගී පරවාහන යාතරාව වෙනුවට අපව නැවත ගොඩ බිම කරා රැගෙන ඒම පිණිස පැමිණ තිබුණේ වෙනත් යාතරාවක්ය. එම සුවිශේෂී වරම මාධ්යවේදීන්ට පමණක් සීමා විය. ඒ අනුව මුහුදු දිය මත වේගයෙන් ගමන් කළ හැකි නාවික හමුදාව සතු යාතරාවක් කච්චතිව් වෙරළ තීරය වෙත ළඟා වන අයුරු දැක ගත හැකි විය. 20 කට නොවැඩි පිරිසකට පහසුවෙන් ගමන් කළ හැකි එම යාතරාවේ ගමන් කිරීමේදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. යාතරාවේ කාර්ය මණ්ඩලයට ජීවිතාරක්ෂක කණ්ඩායමක්ද ඇතුළත්ය. එහි ගමන් ගන්නා අප ඔවුන්ගේ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය. අප එම යාතරාවට ගොඩ වූ සැනින් ගමන ආරම්භ විය. ගොඩබිම වෙත ළඟාවීම පිණිස කිලෝමීටර 80 ක පමණ දුරක් මුහුදු දිය තරණය කළ යුතුය. යාතරාවේ වේගයට අනුව ඒ සඳහා ගත වන්නේ පැයක් වැනි කාලයක් ය. එහෙත් එදින මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් ගමන තරමක් පරමාද ය. උස්ව නැගෙන රළ රැළි හා ඔට්ටු වන අප රැගත් යාතරාව වරෙක මුහුදු දිය දෙබෑ කරමින් ඉදිරියට යාතරා කරන අතර තවත් වරෙක වේග සීමාවේ පහළ අගයක් කරා ළංවන්නේ ඒ ඒ පරදේශයේ පවතින මුහුදු ස්වභාවයට අනුවය. කෙසේ වුවද එවැනි ගමනකට ආගන්තුකයන් වූ අපට එය තරාසය, භීතිය සහ කුතුහලය පිරි ගමනක්ම විය. කෙසේ වෙතත් ඉන්දියානු ශරී ලංකා මුහුදු සීමාවේ පිහිටි මෙරටට අයත් දූපතක් වන කච්චතිව් බලා ගිය ගමන මාධ්ය ජීවිතේදී අප ලද සුවිශේෂී අත්දැකීමක් විය. නාවික හමුදාවේ පූර්ණ අනුගරහය යටතේ සංවිධානය කරන ලද කච්චතිව් සංචාරය නිමා කළ අප දිනක් එහි ගතකොට පසුදින නැවත මව්බිම කරා ළඟා වූවේ සැඳෑ හිරු එළිය තම රන්වන් පැහැය මුහුදු දිය මත ආලේප කරමින් සිටි හෝරාවකය.


රුවන් ජයවර්ධන

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...