Sunday, 20 March 2022


රී ලංකා කරිකට් කණ්ඩායම ඉන්දියාවට ගියේ බලාපොරොත්තු ගොන්නක් රැගෙනය. ආපි ආවේ පරාජයන් ගොන්නක් කරපිට තබා ගෙනය. ඒ පරාජ ශරී ලංකා කරිකට් මත බලෙන් පටවන ලද්දක්ද නැති නම් නොහැකියාව මත උරුම වූවක් ද යන්න සොයා බැලීම වටී. පන්දු වාර විස්සයි විස්ස තරගාවලියටද වඩා ටෙස්ට් තරගාවලිය තුළ ලද පරාජයන් ලජ්ජාව උපදවන සුළු විය. දින පහකින් යුත් ටෙස්ට් තරග දෙකම දින දෙකහමාරක් ඉක්මවා යද්දී නිමාවට පත් විය. එය ආධුනික බව පෙන්නුම් කිරීමකි. පරශ්නය වන්නේ ශරී ලංකාව ටෙස්ට් පිටියට තවදුරටත් ආධුනික කණ්ඩායමක්ද යන්නය. එය එසේ නොවේ. ශරී ලංකාව ටෙස්ට් වරම් ලබා දැන් අවුරුදු 40 කි. හතළිහක් ඉක්මවූ අයට කුමන ආධුනික කමක්ද? අවාසනාවක මහත නම් 40 ඉක්මවූ පසු එහි උණුසුම ඉක්මවා යන්නටත් මත්තෙන් සහභාගි වූ ටෙස්ට් තරගාවලියේදීම මෙසේ අන්ත පරාජයක් උරුම වීමය.

රී ලංකාව ටෙස්ට් කරිකට් වරම් ලැබුවේ 1982 පෙබරවාරි මාසයේදීය. එම මස 17 වෙනිදා ඔවුහු පළමු ටෙස්ට් තරගයට මුහුණ දුන්හ. ඉන් වසර හතළිහක් සහ සති දෙකක් ඇවෑමෙන් ඉන්දියාව සමඟ මෙවර තරගාවලියට එක් වූහ. කට වචනෙට කියන්නේ 40ත් වයසක්ද යැයි කියාය. ඒ පුද්ගලයන්ගේ වයස සම්බන්ධ පරශ්නයකි. එහෙත් කරිකට් කරීඩාව අතින් කණ්ඩායමකට 40 ඉක්මවා යෑම නම් අතිශය ධනාත්මක කාරණයකි. ඉන් පසුවද සෘණාත්මක දේවල් සිදුවිය හැක. එය පුදුම උපදවා ගැනීමට තරම් ලොකු කාරණයක් නොවේ. එහෙත් ඉන්දියාවට එරෙහි මෙවර තරගාවලියේ පළමු තරගයෙන් ශරී ලංකාව ඉනිමක සහ ලකුණු 222ක දැවැන්ත පරාජයක් ලැබීය. එය සෘණාත්මක තත්ත්වයකටත් වඩා ශරී ලංකා කරිකට් පැත්තෙන් දරුණු කඩා වැටීමකි.
වසර හතළිහක් ලැබූ කණ්ඩායමකට නුසුදුසු තරම් දරුණු පරාජයකි. ශරී ලංකාව මතු නොව ලෝකයට කරිකට් ගෙනා එංගලන්තයටද පරාජයන් උරුම වේ. ජය පරාජය කරිකට් පිටියට උරුමය. එහෙත් උරුමය එය යැයි කියමින් කරුමෙට මෙන් හැමදාම පරදින්නට ද නොහැක. ඉන්දියාවද අරුම පුදුම දේවල් මේ තරගාවලියේ නොකළේය. එසේ පුදුම උපදවන සුළු දෙයකට සිදු වූයේ අංක 7 පිතිකරු ලෙස පිටියට පැමිණි රවීන්ද්ර ජඬේජා ලකුණු 175ක් පළමු තරගයේ දී රැස් කිරීම පමණි. අනෙක් දේවල් සාමාන්යයෙන් කරිකට් පිටියේ සිදුවන දේය. දෙවැනි තරගයෙන් ද ශරී ලංකාව පරාජය විය. දින තුනක් ඉක්ම ගියේ නැත. පරාජයේ බරපතළකම එතැනය. මේ පරාජයන් උරුම වූයේ රෝහිත් ෂර්මා, විරාත් කෝලි වැනි දැවැන්තයන් විශාල ලකුණු සංඛ්යාවන් රැස් කර නොතිබියදීය. කොටින්ම කිව්වොත් ශරී ලංකාවට එල්ල වූයේ අනපේක්ෂිත පරහාරයකි. ජඬේජාගේ පන්දු යැවීම කෙසේ වෙතත් පිතිහරඹය ගැන නම් වැඩි අවධානයක් යොමු වන්නට ඉඩක් නොතිබිණි.
එහෙත් ඔහුගෙන් ශරී ලංකාවට වැඩිම හානිය වූයේ පන්දු යැවීමටත් වඩා පළමු තරගයේ පළමු ඉනිමේ එල්ල කළ පිතිහරඹයෙනි. දෙවැනි තරගය ශරීයර්ස් අයියර් විසින් ශරී ලංකාවෙන් දුරස් කරන ලදී. විස්සයි – 20 තරගාවලිය පුරාම සිය අණසක පැතිර වූ අයියර් ටෙස්ට් තරගාවලියේදී ද අවශ්යම මොහොතේ නැඟී සිටියේ ය. අයියර්ව නවත්තන්නට ශරී ලංකාවට නොහැකි විය. තරගාවලිය පුරාවටම ශරී ලංකවේ පිත්තේ පැත්තෙන් ධනාත්මක දෙයකට සිදුවූයේ අවසන් ටෙස්ට් ඉනිමේ දී නායක දිමුත් කරුණාරත්න ශතකයක් රැස් කිරීම පමණි.
පන්දු යැවීම නම් අසාර්ථකම නැත. ඉන්දියාව යනු ලෝකයේ පරබලම පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුන් පිතිහරඹයේ යෙදුණු ඉනිම් තුනෙන් දෙකකදීම ලකුණු 300 සීමාවේ රඳවා ගැනීමට ශරී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එය විශිෂ්ට දස්කමකි. එහෙත් නායක දිමුත් කරුණාරත්න පෙරළා දිවයිනට පැමිණීමේ දී පරකාශ කර සිටියේ පන්දු යැවීමෙන් මෙන්ම පිතිහරඹයෙන් යන දෙඅංශයෙන්ම දුර්වල වූ නිසා පරාජයට පත්වීමට සිදු වූ බවයි. පළමු තරගයේ පළමු ඉනිමේදී ඉන්දියාව ලකුණු 574ක් රැස් නොකරන්නට ශරී ලංකා පන්දු යවන්නන් විසින් සිදු වූ දුර්වලතාවයක් නැති තරම් ය. ඒ අතරතුර තරගාවලියේ දී උඩපන්දු කිහිපයක් ද අත්හැරිණි. තවත් පන්දු රැකීමේ දුර්වල අවස්ථා බොහෝ විය. එවැනි තත්ත්වයක් තුළ පන්දු යවන්නන්ට දොස් කීමට නොහැකිය. අඩුව සිදුවුණේ පිතිකරුවන්ගෙන් ය. පරබල ඉන්දීය පිතිකරු බලඇණිය ඉන්දීයාවේදී ඔය තරමට දමනය කරන්නට හැකි වීම සතුටට කරුණකි.
එහෙත් ඉනිම් හතරෙන් තුනකදීම ශරී ලංකා කණ්ඩායමට ලකුණු දෙසීය සීමාවට ළං වීමට නොහැකි විය. පළමු තරගයේ දී පිළිවෙළින් රැස් කළේ ලකුණු 174ක් සහ 178කි. ටෙස්ට් කරිකට් පිටියේ අවුරුදු හතළිහක් සම්පූර්ණ වුණු කරිකට් කණ්ඩායමකට එතරම් අඩු ලකුණු සංඛ්යාවක් රැස් කිරීමට සිදුවීම කනගාටුවට කරුණකි. ඒ කනගාටුව වැඩි වන්නේ පරතිවාදීන් ලකුණු පන්සීයේ සීමාවද ඉක්මවා ගිය විටදීය. ඉනිමකින් සහ ලකුණු 222 කින් පරාජය වන්නේ ඒ නොහැකියාව නිසාය. දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ඒ වරද තවත් වැඩි වූයේය. ලකුණු 100 ඉක්මවා ගියේද අසීරුවෙනි. පන්දු වාර 35කදී ලකුණු එකසිය නමයකට දැවීයෑම යුක්ති සහගත නොවේ. එහිදී ඉලක්කම් දෙකේ සීමාවට පැමිණියේ මැතිව්ස් සහ දික්වැල්ල පමණි.
රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එදා සිය රට වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළේ නැත. ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න තරගාවලිය පුරාම අසාර්ථක විණි. නවක කරීඩක චරිත් අසලංක තවමත් ටෙස්ට් පිටියේ හැසිරෙන්නේ තමන් ඊට නුසුදුසු බව පෙන්වමිනි. ලැබුණු අවස්ථාවෙන් පරයෝජන ගන්නා බවක් හෝ කණ්ඩායමට සේවයක් කරන පාටක් තවමත් අසලංකගෙන් ටෙස්ට් පිටියේදී පෙනෙන්නට නැත. මැතිව්ස් සහ ධනංජය සිල්වා ද සිය අත්දැකීම්වලින් කණ්ඩායමට සේවයක් කළේ නැත. පරාජය වූයේ මෙවැනි හේතු කාරණා ගොන්නක් මතය.
මෙවැනි වරදවල් නිවරැදි නොකර ඉදිරියට පා තැබීම අසීරුය. අපට දක්ෂ පිතිකරුවන් සිටින බව සැබෑය. එහෙත් අවැසි වේලාවට ඔවුන්ගේ පිත්ත වැඩ නොකරන්නේ නම් එය අවාසනාවකි. මේ අවාසනාවට පිළියම් යෙදීම ශරී ලංකා කරිකට් බලධාරීන්ගේ වගකීමකි. මේ පරාජයන්ගේ තවත් පැත්තක් ඇත. ශරී ලංකා කණ්ඩායමට තවමත් පරධාන නිත්ය පුහුණුකරුවකු නොමැත. නිත්ය වේග පන්දු පුහුණුකරුවකු ද නොමැත. එවැනි තත්ත්වයකට කණ්ඩායම පත් කිරීම කොතරම් සුදුසුද යන්න දෙවරක් සිතා බැලිය යුතුය. අඩමාණයෙන් ලොකු ගමනක් යෑමට නොහැක. කොතරම් පරාද වුවද ඒ පරාජවල වගකීම ගන්නටද කෙනෙක් නැත. අවුරුදු හතළිහක් යනු ඕනෑම කණ්ඩායමකට ගොඩ ඒමට සුදුසුම කාලයකි. හතළිහේදි වරද්ද ගතහොත් පනහේදී නැඟිටීමට සිතීමද මුළාවකි. මේ මුළාවට ශරී ලංකාව පත් නොකිරීම බලධාරීන්ගේ වගකීමකි.


කුෂාන් සුබසිංහ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...