Thursday, 10 March 2022


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා මාර්තු 9 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

මේ වන විට සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන එනු ලැබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මේ වන විට සිරගත කර සිටී.

2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.


කමල් මහේන්ද්‍ර වීරරත්න


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...