අමෙරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් සිදුවූ වෙනසත් සමග ඊට සමානුපාතිකව ඖෂධවල මිල ගණන්වල ද යම් කිසි වෙනසක් කිරිමට සිදු වන බව ඔෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා මේ වන විට රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය කටයුතු යොදාගෙන යන බව ය.
එසේ නොවුවහොත් ඔෂධවල මිල ඉහළ යනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඖශධ නොවිකුණා සහවා තබා ගැනීමෙන් කෘත්‍රිම ලෙස ඖශධ හිඟයක් ඇති විය හැකි බව ඔහු පැවසීය.
එම තත්වය වළක්වා ගැනීම සඳහා හැම විට ම ඩොලරයේ අගයට සමානුපාතිකව ඔසි ධවල මිල පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති බව ඔහු පැවසීය.
තව ද, මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග ගෙන ඒම සඳහා ඉන්දියාවෙන් ණය පහසුකමක් ලබා දී ඇති අතර ඒ සමග රජය ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේදි පැවසීය.
ඔහු සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් පෞද්ගලික ඖෂධ සමාගම් ඖෂධ ආනයනය කිරිමට බියක් දක්වමින් සිටි බව ය.
නමුත් ඊයේ දිනයේදී ඩොලරයකට ඉහළ අගයක් ලබා දිමට තුළින් නැවත එම ඖෂධ සමාගම් ඖෂධ ආනයනයට ඉදිරිපත්ව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර, පැරසිටමෝල් ඖෂධයෙහි හිපයක් පවතින බවට චෝදනා එල්ල වුව ද මේ වන විට එම ඖෂධය රට තුළ පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පැරසිටමෝල් ඖෂධයට අදාළ වෙනත් වෙළඳ නාම පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීම නවත්වා ඇති අතර එබැවින් වෙළෙඳ නාම පිළිබඳව සැලකිලිමත් නොවී පැරසිටමෝල් යන නමින් අදාළ ඖෂධය ඉල්ලා සිටින ලෙස ඔහු ජනතාවට දැනුම් දුන්නේ ය.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment