Thursday, 10 March 2022


පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත මාර්තු 9 පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂය මහතා විසිනි.

එහිදී පනත් කෙටුම්පතට විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විවාදය ආරම්භයේදී ප්‍රකාශ කළ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ය.

එමෙන්ම, රජය අදාළ පනතෙන් කිසිවෙකුගේ නිදහස සීමා කිරීමට බලාපොරොත්තු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමගින් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට උත්සහ දරන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝකයේ රටවල් රැසක මේ පනත සම්මත කරගෙන ඇති බව ය.

එමෙන්ම, මෙම පනත සම්මත වූ පසු එය මේ කලාපයේ සම්මත කළ පළමු රට බවට ශ්‍රී ලංකා පක්වන බව ද ප්‍රකාශ සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නෂනල් ආයතනය ප්‍රකාශ කළේ, “ජනමාධ්‍යමය අරමුණු" සඳහා දත්ත භාවිත කිරිම, දත්ත සකස් කළ හැකි කොන්දේසියක් ලෙස මෙම පනත් කෙටුම්පත මගින් හඳුනාගෙන නොමැති බව ය.

මෙහිදී විකාශන මාධ්‍යය ඇතුළුව මාධ්‍ය වාර්තාකරණයේදී පෞද්ගලික දත්ත භාවිතය සීමා වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබිණි. ජනමාධ්‍ය ක්‍රියාකාරකම් උදෙසා අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිත කිරීමෙන් දත්ත පාලකවරුන්’ සහ ‘සකසන්නන් බවට මාධ්‍යවේදින් නිරායාසයෙන් පත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අදාළ නිවේදනයේ සඳහන් කර තිබුණු අතර ජනමාධ්‍යමය අරමුණු උදෙසා දත්තවලට ඇති ප්‍රවේශය සහ ඒවා පළ කිරීම අනවශ්‍ය ලෙස සීමා නොකිරීම තහවුරු කිරීමට නම්, “ජනමාධ්‍යමය අරමුණ දත්ත සැකසිමට ඇති නීත්‍යානුකූල කොන්දේසියක් ලෙස හඳුනා ගත යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කර තිබිණි.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...