Tuesday, 1 March 2022


රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරූස්හිදි ඊයේ පැවති සාම සාකච්ඡා වටයේදි දෙපාර්ශවය අතර එකහතා කිහිපයක් සඳහා ප්‍රවේශයක් ළඟා කර ගැනීමට හැකි වූ බව බෙලරූස්හි විදේශ කටයුතු අමාත්‍ය ලැඩිමීර් මකායි පවසයි.

මෙම ප්‍රවේශයන් හරහා අර්බුදයට ධනාත්මක විසඳුමක් ළගා කර ගත හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, රුසියාව සහ යුක්‍රේනය අතර නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා බෙලරූස් රාජ්‍යය වගකීම් පැහැර නොහරින බව ය.

මෙම අර්බුදයේදී පිටස්තර අතපෙවිම් නොතිබුණා නම් එය මීට කාලයකට පෙර විසඳා ගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දී තිබේ.

දෙපාර්ශවය එක මේසයකට රැගෙන ඒම අතිශය දුෂකර කටයුත්තක් වූ බව ත් එය ජය ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ත් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තව ත් දින කිහිපයකින් බෙලරූස් - පෝලන්ත දේශ සිමාවේදී ඊළඟ සාකච්ඡා වටය සංවිධානය කරන බව ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...