රුසියාව විසින් යුක්රේනයට එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් ඉදිරියේදි විකාශය වීමට නියමිත චිත්‍රපට රුසියාවට නිකුත් කිරීම අත්හිටුවන බවට සිනි, වෝනර් බ්‍රදර්ස් සහ සෝනි පික්ටර්ස් එන්ටර්වේන්මන්ට් යන හොලිවුඩ් චිත්‍රපට සමාගම් තීරණය කර තිබේ.
ඩිස්නි සමාගම සඳහන් කර ඇ ත්තේ , එළඹෙන Pixar Animation Studios නිකුතුව වන “Turning Red" සිනමා පටයෙන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ය.
ඩිස්නි සමාගම මෙම තීරණය ප්‍රකාශ කර පැය කිහිපයක් ඇතුළත “The Batman" චිත්‍රපටය මෙම සතියේදී රුසියාවේ නිකුත් කිරිම අත්හිටුවන බව Warner Media ද ප්‍රකාශ කර ඇත.
මේ අතර, පවතින අර්බුදය හමුවේ රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරුවන් සමග හදිසි ආධාර සහ අනෙකුත් මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරමින් සිටින බවට ද ඩිස්නි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, යුක්රේනය තුළ සිදුවෙමින් පවතින මිලිටරි ක්‍රියාමාර්ගය හේතුවෙන් සැලසුම් කර තිබූ Morbius සිනමා පටයෙහි ඉදිරි නිකුතුව රුසියාව තුළ විකාශය කිරීමේ කටයුතු ද අත්හිටුවන බවට්ට Sony Pictures Entertainment නිවේදනය කර ඇති බව ය.
මේ අතර, පසුගිය සති අන්තයේ, යුක්රේන චිත්‍රපට ඇකඩමිය විසින් රුසියානු සිනමාව සහ රුසියානු චිත්‍රපට කර්මාන්තය ජාත්‍යන්තරව වර්ජනය කරන ලෙස ඉල්ලා ඉන්ටනෙට් ඔස්සේ පෙත්සමක් ද සම්පාදනය කරනු ලැබ ඇති බව ය.
"The Batman" සිනමා පටය ලොව පුරා එළිදැක්වීමේ කොටසක් ලෙස එළඹෙන මාර්තු මස 3 වන දා රුසියාවේදී විකාශන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබි ඇත.
පැරමවුන්ට් පික්වස්ති "Sonic the Hedgehog 2" සිනමා පටය ද අප්‍රේල් 8 වන දින සිය ගෝලිය මංගල දර්ශනය සිදු කිරිමට නියමිතව ඇත.
හොලිවුඩ් සඳහා සැලකිය යුතු වෙළෙඳපොළක් වන රුසියාව 2021 වර්ග යේදී ඩොලර් මිලියන 601ක් උපයා ඇති අතර එය ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් 2.8% ක් පමණ වේ.
එය පසුගිය වර්ෂ යේදී ඩොලර් බිලියන 21.4ක් බවට ද විදෙස් මාධ්‍ය වාර්ත කර තිබේ.
කෙසේ නමුත් Warner Media සඳහන් කර ඇ ත්තේ ,"මෙම ඛේදවාචකයට කඩිනම් සහ සාමකාමි විසඳුමක්" බලාපොරොත්තුවෙන් සිටින අතර තවදුරට ත් මෙම පවතින තත්වය නිරීක්ෂණය කරන බව
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment