Wednesday, 2 March 2022





ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරගෙන ආරක්ෂක වැඩපිළිවෙළක් යොදන්නැයි පොලිස්පතිවරයා සියලුම මූලස්ථාන පොලිස්පතිවරුන්ට නියෝග කර ඇත.

ඉන්ධන ලබා ගැනීම සඳහා මහ ජනතාව පෝලිම් ගැසී ඒකරාශීවීමේදි කලහකාරී සිදුවීම් ඇති වීම වැළැක්වීමේ අරමුණෙන් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ආමන්ත්‍රණය කරමින් පොලිස්පතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව, ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන පෝලිම් පවතින අවස්ථාවලදී තදබදය අවම වන තෙක් පොලිස් නිලධාරීන් යොදා රථවාහන පාලනය කිරීමට ත් කලහකාරී සිදුවීම් වැළැක්වීමට ත් අවශ්‍ය උපදෙස් දෙන්නැයි ද පොලිස්පතිවරයා නිකුත් කළ එම ලිපියේ සඳහන් වේ.

මේ අතර, ගොවි අවශ්‍යතා හා කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ සඳහා අවශ්‍ය කෑන් හෝ බූලි මගින් ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාව හා සංචාරක ක්ෂේත්‍රයට අදාළ රථවාහන, ගිනි නිවීමේ රථ, ගිලන් රථ ඇතුළු රථවාහනවලට ප්‍රමුඛතාව දීමට සැලකිලිමත් වන්නැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.


බිඟුන් මේනක ගමගේ, කීර්ති මෙන්ඩිස්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...