Wednesday, 2 March 2022

උග්‍ර ඩීසල් හිඟය හමුවේ දිවයින පුරා පිහිටි ඉන්ධනහල් වෙත ඩිසල් නිකුත් කිරිම ඊයේ (මාර්තු. 01) සිට සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊට අදාළ නියෝගය තෙල් තොග ගබඩා පර්යන්ත වෙත ලබා දී ඇතැයි එම සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය.

මේ වන විට ඩිසල් තොග ඇ ත්තේ දින හතරකට බව ත් එම නිසා ඩිසල් තොග කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම නියෝගය නිකුත් කොට ඇති බව ත් එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

දෙනික ඩිසල් ඉල්ලුම මේ දිනවල දෙගුණ වෙමින් එම ඉල්ලුම ඩිසල් මෙට්‍රික් ටොන් 10,000කට ආසන්න වී ඇති බැවින් ඉන්ධනහල් ද වෙනදාට වඩා ඩිසල් මිලදී ගනිමින් සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඩීසල් අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවා අකර්මන්‍ය වෙමින් පවතින අතර මීට විසඳුමක් ලෙස අද (මාර්තු. 02) සිංගප්පූරු සමාගමකට අයත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක නෞකාවක් කොළඹ වරායට සේන්දු වීමට නියමිත ය.

කෙසේ නමුත්, ඊයේ (මාර්තු. 01) පස්වරුව වන විට ත් එම නෞකාවෙන් ඩිසල් තොග නිදහස් කර ගැනීම සඳහා මුදල් ගෙවීමක් සිදුකර නොමැති බව ද වාර්ත වේ.

එලෙස අද (මාර්තු. 02) දිනයේ ද මෙම ඩිසල් නෞකාවට මුදල් ගෙවීමට ප්‍රමාද වුවහොත් එහි ඩිසල් ගොඩබෑම ප්‍රමාද වන බව ත් ඒ හරහා සම්පූර්ණයෙන් මෙරටට අවශ්‍ය ඩීසල් නොමැති වන බව ත් තෙල් සංස්ථා ආරංචි මාර්ග කියා සිටී.

එසේ ම මෙම නෞකාවෙන් ඩීසල් තොග ගොඩබෑමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණයේදී ඩීසල් සාමීපල ප්‍රමිතිය අසමත් වුවහොත් මෙම තත්වය ඩීසල් අර්බුදය උග්‍ර අතට හැරෙන බව ද තෙල් සංස්ථා ආරංචි මාර්ගයන් වැඩිදුරට ත් කියා සිටියේ ය.


චාමර අමරසූරිය




No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...