Tuesday, 8 March 2022


 ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.


මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ ‘තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය’ යන්නයි.


ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.


ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි.


මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි පළමුවරට අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි.


ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීයි. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර එහිදී ඇයගේ යෝජනාව ඒකමතිකව සම්මත විය.


එය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ශතක සැමරුම 2011 වසරේදී සමරනු ලැබිණි.


ඒ අනුව මෙම වසරේ සැමරෙන්නේ, 111 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි.


සංජීවනී එදිරිසිංහ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...