Sunday, 6 March 2022


අපේ රටේ සමහර කාන්තාවන් හොර රහසේ දරුවන් බිහි කළත් සමාජයට මුහුණ දීමට බැරි කමට හෝ හදා වඩා ගැනීමට වත්කමක් නැති නිසාත් රෝහලේ, බස් නැවතුමේ, දුම්රිය ස්ථානවල දමා යති. මෙම දරුවන් ඉන්පසු උසාවිය මගින් පරිවාස මගින් නැත්නම් හදාවඩා ගැනීමට හැකි අයකුට භාරදෙනු ලබයි. තවත් දරුවන් පුද්ගලිකව හදා ගැනීමට භාර ගනී.


මෙසේ භාරගන්නා කුඩා දරුවන් තැරැව්කරුවන් මගින් පිට රටවල්වලට ද විකිණීම සිදු කරයි. 1995 සිට 2000 දක්වා මෙසේ ගෙනගිය දරුවන් 10000 ත් 15000 ත් අතර පිටරටවල සිටී. 1995 සිට 2000 දක්වා මෙම ජාවාරම ඉතා ශීඝ‍්‍රයෙන් පැවැති අතර ඉන් පසුවද දැනටත් සාමාන්‍ය පරිදි සිදු කෙරේ.


මේ දරුවන් බොහොමයක් ගෙන ගොස් ඇත්තේ නෙදර්ලන්තය, නෝර්වේ, ස්වීඩන් වැනි රටවල් වලටය. ඔවුන් ඒ රටේ පවුල් සමග හැදී වැඞී ලොකු මහත් වූවාට පසු තම මව්බිමට පැමිණ තම වැදූ මව සෙවීමට උත්සහ දරයි. මෙය ඔවුන්ට තනියම කර ගැනීමට බෑරි නිසා ඒ ඒ රටවල්වල සිටින දරුවන් සංවිධානගත වී ඇත. ඒ ශ‍්‍රී ලංකා ඞී.එන්.ඒ. සංවිධානය ලෙසිනි. එහි ලංකා නියෝජිතයා වශයෙන් මීගමුවේ ඇන්ඩෲ සිල්වා මහතා කටයුතු කරයි.


මෙම දරුවන් විදේශිකයන්ට භාරදෙන විට සැබෑ විස්තරද ලබා නොදෙයි. එම උප්පැන්න සහතිකවල ඇත්තේ උපන් ස්ථානය, දිනය, මවගේ නම සහ වයස පමණය. පියාගේ නම නොදනී එවැනි අසම්පූර්ණ විස්තරය.


මෙම සංවිධානයේ සංවිධායක ඇමෙන්දා මහත්මිය පවසන්නේ මේ නිසා මෙම දරුවන් ලංකාවට පැමිණියද තොරතුරු සොයා ගැනීම අපහසුය. තැරැව්කරුවන් සෑබෑ මව්වරුන් සොයා දෙන බව පවසා බොරු මව්වරුන් පෙන්වා මුදල් ගසා කෑමක් සිදුවන බවද පැවසේ.


එබැවින් මෙම දරුවන් සංවිධානය වී ඇත්තේ නෙදර්ලන්තයේ දැනට සිටින ලංකාවේ උපත ලැබූ ඇමෙන්ඩා නොහොත් සීතා රංජනී යටතේ සංවිධානය වී ඇත. එම සංවිධානය ශ‍්‍රී ලංකා ඞී.එන්.ඒ. සංවිධානය නමින් පිහිටුවා සැබෑ මව්වරුන් සොයා ගැනීමට උපකාර කරයි.


මෙම සංවිධායකවරිය කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් දඹදෙනිය රෝහලේ 1985 ජනවාරි 3 වන දින උපත ලබා ඇත. අම්මාගේ නම හොරතලාගේ පොඩිනාය. ඇය ඉපදී ඇත්තේ මරදගොල්ලේය. ඒ වන විට මවට අවුරුදු 35.කි ඇය තම වැදූ මව සොයා දෙවතාවක් ලංකාවට පැමිණ ඇත. තැරැව්කරුවන් විසින් කාන්තාවක් සැබෑ මව ලෙස හඳුන්වාදී මුදල් ලබාගෙන ඇතත් එහිදී කරන ලද ඞී.ඵන්.ඒ. පරීක්ෂණයෙන් පසූ බොරු මවක් බවට සොයාගෙන ඇත. මෙම දරුවන් භාර දෙන්නම් එසේ භාර දෙන විට බොරු ලිපි ලේඛනවලින් භාර දෙන නියම මව්වරුන් සොයා ගැනීම දුෂ්කර කාර්යයකි. කිසි විටක නියම තොරතුරු දෙන්නේ නෑ.


පසුගිය ජනවාරි මස අගදී පැමිණි ඇය තම සැබෑ මව සොයා ගැනීමට හා අනිත් සාමාජිකයන්ගේ මව්වරුන් සොයා ගැනීමට නොහැකිව ආපසු ගොස් ඇත.


උපන් බිමට පා තැබීමට විශාල මහන්සියක් ගන්නා මොවුන්ට සැබෑ මව්පියන් දකින මොහොතේ හැෙඟන හැඟීම් කුමක් විය හැකිද? තමාට අපවාද, ගරුත්වය අසරණ කම වැනි හේතූන් මත හදා වඩා ගැනීමට දුන්නත් ඔවුන්ද දරු සෙනෙහස දනී.


මව් උණුසුමේ ගුලි වී සිටි කිරිකැටියා එදා විදේශිකයන්ට හදාවඩා ගැනීමට දුන්නේ මොන හේතුවකට දැයි දැන ගැනීමට ඔවුන් කැමැතිය. මිල මුදල්වලින් ආධාර කිරීමට ඔවුන් වැටී ඇති අසරණකමින් දුප්පත් කමින් ඔවුන් මුදා ගැනීමට තම මවට ලස්සන ජීවිතයක් ගත කිරීමට සහාය දීමට ඔවුන් ආශාවෙන් සිටියි. එම නිසා සැබෑ මව සොයා ගැනීමට සහාය වීම සඳහා ඔවුන්ගේ සංගමය විසින් ලංකාවේ නියෝජිතයකු පත්කර ඇත.


මීගමුවේ ඇන්ඩෲ සිල්වා මහතා දශක ගණනාවක සිට විදේශගතව සිටින මෙම දරුවන්ගේ සෑබෑ මව්වරුන් සෙවීමට කැප වී සිටී. මේ සඳහා ඔහු කිසිම මුදලක් අය නොකරයි. මෙහි සඳහන් හෝ ඉදිරියට ඉදිරිපත් වන තම මවගේ ලේ සුවඳ සොයා එන දරුවන්ට තම මව සොයා ගැනීමට උදව් කිරීමය. මේ ඒ ඇන්ඩෲ සිල්වා මහතාගේ දුරකථන අංකයයි 0772114795.


මෙසේ ලංකාවේ සැබෑ මව්වරුන් සොයන ටික දෙනෙක් මෙසේය.


ඩිලංකාගේ උපන් දිනය 1987.01.05. වන අතර ඉපදී ඇත්තේ කළුබෝවිල මහ රෝහලේදීය, අනුෂා ද කළුබෝවිල රෝහලේ ඉපදී ඇත්තේ 1985.03.23 දිනය. 1986.05.23 වන දින සුගන්දිකා ද ඉපදී ඇත්තේ කළුබෝවිල රෝහලේ දීය.


කමලා 1987.7.22. ඉපදී ඇත්තේ කාසල් කාන්තා රෝහලේදීය. සමන් දිසානායක 1991.01.08 දින අනුරාධපුර, පුලියන්කුලම


එම්. බී. පහළවත්ත

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...