Sunday, 6 March 2022




ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරුව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද (06) උදෑසන ඒ මහතා මිය ගිය බව අප වාර්තාකරු සඳහන් කළේය.

ප්‍රහසන නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමු ගන්නා විට 98වන වියේ පසු විය.

බර්ටි ගුණතිලක මහතා 1924 අගෝස්තු 2 වන දින මහනුවර අම්පිටියේදී උපත ලබා තිබේ.

අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලැබූ ගුණතිලක මහතා ඊට පසු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදුකර ඇත.

පාසල් කාලයෙන් පසු බර්ටි ගුණතිලක මහතා කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවය කර තිබේ.

පසුව බර්ටි ගුණතිලක මහතා 1947 දී "ළමා පිටිය" වැඩසටහනෙන් රේඩියෝ සිලෝන් වෙත සම්බන්ධ වී ඇත.

1954 දී රේඩියෝ සිලෝන් හී බර්ටි ගුණතිලක මහතා සම්බන්ධ වු "විහිළු තහළු" විකට වැඩසටහන අතිශයින් ජනප්‍රිය විය.

1951 දී  බර්ටි ගුණතිලක මහතා රංගනයෙන් දායක වු "බණ්ඩා නගරයට පැමිණීම" චිත්‍රපටය තිරගත විය.

ඉන්පසුව බර්ටි ගුණතිලක මහතා  "පෙම් මල් මාලා", "පාලම යට", "දෙවියනි සත්‍ය සුරකින්න", "මන මෝහිනී" සහ "සෝමි බෝයිස්" වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපටවල සහය ප්‍රහසන චරිත රැසකට දායක වී තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...