ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සහ ඒවා පදනම් කර ගනිමින් ජන මාධ්‍යවල පළ වන වාර්තා සාවද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂපාදනයට බාධා පැමිණීම මත ප්‍රමාණවත් පරිදි එතනෝල් නොලැබීමෙන් මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට වාර්තා පළ වී ඇති බව ය.
එම සාවද්‍ය වාර්තා හේතුවෙන් නීති විරෝධි ලෙස මත්පැන් රැස් කිරිමට ත් මත්පැන් නිෂ්පාදනාගාරකරුවන් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කිරීමට ත් අවකාශ ලැබෙන බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
කුමාරසිංහ මහතා වැඩිදුරට ත් සිය නිර්වේදනයේ සඳහන් කර ඇත්තේ, අරක්කු ඇතුළු දේශිය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබා ගැනීමේ හැකියාව මේ දක්වා පවතින බව ය.
එවැනි පසුබිමක මේ වන විට සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන ඩිසල්, ගෑස් කිරිපිටි, ඖශධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ම වෙළෙඳපොළ තුළ හිඳ බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
තාරක සම්මාන්
No comments:
Post a Comment