Friday, 18 March 2022

යුක්‍රේන ආක්‍රමණය හමුවේ ශ්‍රී ලංකාව රුසියාවට එරෙහිව යුක්‍රේනයට සහය පළ කළ යුතු බවට මෙරට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විශාල පිරිසක් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් වශයෙන් යුක්‍රේග්නයට ත්, ජාත්‍යන්තර නීතියට ත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ත් වාචික සහය පළ කරන ලෙස ඉල්ලා සිටින බව ය.

රුසියාවේ සතුරු ආක්‍රමණ වහා නතර කරන ලෙසට තමන් කරන බලපෑමට එක් වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ.

යුක්‍රේග්නයේ වෙරිත්වය සහ ස්වාධීනත්වය යළි ස්ථාපනය කිරීම සඳහා ලොව පුරා මිත්‍ර රටවල් සහ සංවිධාන එක්ව කටයුතු කරන බව ද එහි සඳහන් වේ.

එම නිවේදනයෙහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, යුක්‍රේනයේ මෙන් ම ලෝකයේ සියලු රටවල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙරිත්වය වෙනුවෙන් සිය කණ්ඩායම නැගී සිටින බව ය.

එම නිවේදනයට අත්සන් තබා ඇති තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙසේ ය.

1. ඩේවිඩ් හොලි - ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්

2. ඩේවිඩ් මැකිනම් - කැනඩා මහ කොමසාරිස්

3. ඩෙනිස් වාසියි - යුරෝපා සංගමයේ දූත මණ්ඩල ප්‍රධානී

4. එරික් ලැවට්ටු - ප්‍රංශ තානාපති

5. හොල්ටර් සෝබර්ට් - ජර්මානු තානාපති

6. රීටා ගිලියානා ශනෙල්ලා - ඉතාලි තානාපති

7. තන්ස් - නෙදර්ලන්ත තානාපති

8. මයිකල් ඇපල්ටන් - නවසීලන්ත මහ කොමසාරිස්

9. ට්‍රයින් ජොරන්ටි එකෙඩිල් - නෝවේ තානාපති

10. මිසුතොෂි හිකි - ජපාන තානාපති

11. වික්ටර් මූඩියා - රුමේනියා තානාපති

12. ඩොමිනික් ෆට්ලර් - ස්විට්සර්ලන්ත තානාපති

13. සාරා හූල්ටන් - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්

14. ජූලි ජේ. - අමෙරිකානු තානාපති

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දරන ස්ථාවරය සහ ප්‍රතිචාරය පිළිබඳව විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා, ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සහය ව්‍යර්ථ විය.

"අපි ම අටවා ගත්ත දේශපාලන උගුලක අපි අහුවෙලා' - මහාචාර්ය උපුල් අබේරත්න

රුසියාවට එරෙහිව යුක්‍රේනයට සහය පළ කරන ලෙස ලෝකයේ බලවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවෙන් කර ඇති ඉල්ලුම හරහා "ශ්‍රී ලංකාව තමන් ම අටවා ගත් දේශපාලනික මර උගුලක සිර වී සිටින," බව

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, "ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාව යුද වැදිමට එකඟ නොවන බවට" සිය ස්ථාවරය මුලින් ම පළ කළා නම් මෙවැනි තත්වයක් අත් නොවන බව ය.

ශ්‍රී ලංකා රජය දේශපාලනික වශයෙන් නිසි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම තුළ ලෝක බලවතුන් අතර දැඩි පීඩනයකට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව මහාචාර්යවරයා පැවසීය.

"ලෝකයේ රටවල් අතරින් අපට සහය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන, ප්‍රශ්න සහගත රටවල්. රුසියාවත් එවැනි රටක්. ඒ නිසා රුසියාවට එරෙහි වුණොත් අපට ඒක අවාසියක් වෙන්න පුළුවන්. ඒ වගේ ම යුක්‍රේනයට එරෙහි වුණොත් මේ බලවත් රටවල් සියල්ල අපට නැති වෙන්න පුළුවන්. මේක මේ ආණ්ඩුව විසින් ම අටව ගත්ත උගුලක්," මහාචාර්ය උපුල් අබේරත්න මහතා පැවසිය.

"ලංකාවේ ඇති වුණු ප්‍රධාන ම ප්‍රශ්න්නේ තමයි මම කියවන විදියට විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුවේ ඉඳලා කෙටි කාලයකට හැරෙන්න අනෙක් සියලු ම අවස්ථාවලදී කුඩා රාජ්‍යයක් විදියට විදේශ රාජ්‍ය තාන්ත්‍රික මූලෝපායන් හරියට සකස් කර ගත්තේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් විදියට මහා බලවතුන්ගේ ගොදුරු බිමක් බවට මේ වන විට ලංකාව පත්වෙලා තියෙනවා.

අපට භූමියක් තියෙනවා. හැබැයි අද විදේශ සම්බන්ධතා පවත්වාගෙන යද්දී භූමිය විතරක් නොවේ වැදගත් වෙන්නේ. ඒ ඒ රාජ්‍යයන්ට තියෙන බලපෑම් කළ හැකි ක්ෂේත්‍රය. ඒ බලපෑම් කළ හැකි

ක්ෂේත්‍රයන් අත්තනෝමතික ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් විදියට අපි හැම මහා බලවතෙකුගෙන් ම තෙරපුමට ලක් වන රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා,

චීනය, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ රටවල ගොදුරක් අනෙක් අතට රුසියාවේ ගොදුරක්. අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් මේක වෙන්නේ නෑ. පහුගිය කාලේ බැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ.

ලෝකේ තියෙන පරිහානියට පත්වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලන තන්ත්‍රයක් තියෙන රාජ්‍යයන් මිතුරු රාජ්‍යයක් බවට පත් වුණා. ලෝකෙ තියෙන දුෂිත රාජ්‍යයන් එක්ක. දැන් අපට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ මේක එක පැත්තකින් රුසියාවට විරුද්ධව ගියොත් රුසියාව තීරණාත්මක මොහොතකදී අපට විරුද්ධ වෙන්න පුළුවන්. අනික් පැත්තට ගියොත් රුසියාවත් එක්ක චීනයේ තියෙන සම්බන්ධතාව තේරුම් ගන්නවා. චීනය, ඉන්දියාව සහ රුසියාව කියන රටවල්වලට කුඩා රාජ්‍යයන් එක්ක ප්‍රශ්න තියෙනවා. චිනයට තියෙනවා රුසියාවට වගේම ආක්‍රමණ අරමුණක්.

ස්වාධින ස්ථාවරයක ඉඳලා අපි වගේ පුංචි රාජ්‍යයන් වෙන ම මූලෝපායකට යා යුතුව තිබුණා."


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...