Friday, 18 March 2022


පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මූල්ය අංශයේ නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා 2020 වසරේදී දරා ඇති මුදල රුපියල් අට කෝටි හැත්තෑ අට ලක්ෂ විසි අට දහස් අසූ දෙකකි.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජල බිලද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් 2020 වසරේදී වැයවී ඇති මුළු වියදම රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන් සිය විසි තුනකි.
පවතින ආර්ථික තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මේ වියදම් හැකිතාක් සීමා කරන ලෙස රජය එහි ප්රධානීන්ට මෑතකදී දැනුම්දී ඇත.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආහාර වියදම්ද උපරිම සීමාවට පැමිණ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.


 සුජිත් හේවාජුලිගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...