සතියකට පමණ පෙර ආරම්භ වූ රුසියානු ආක්‍රමණයෙන් මේ වන විට සිවිල් වැසියන් 2,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව යුක්‍රේත බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සහන කණ්ඩායම්වල සාමාජිකයින් 10 දෙනෙකු ද මිය ගොස් ඇති බව ය.
රුසියානු ඉෂල් වෙඩි ප්‍රහාරවලින් රට පුරා හටගත් ගිනි 400කට වැඩි සංඛ්‍යාවක් නිවා දැමීමට සහ සහ පුපුරණ ද්‍රව්‍ය 416ක් නිශ්ක්‍රීය කිරීමට සහන කණ්ඩායම්වල සාමාජිකයින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, යුද්ධය පැවති දින හත තුළ රුසියාව යුක්‍රේනයේ ප්‍රවාහන මධ්‍යස්ථාන, නේවාසික ගොඩනැගිලි, රෝහල් සහ ළදරු පාසල් සිය ගණනක් විනාශ කර ඇති බව ය.
No comments:
Post a Comment