Monday, 21 March 2022


ඉන්ධන ප්රශ්නය නිසා ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් පියාසර කිරීම්ද සීමා කර ඇතැයි ගුවන් ​ හමුදාව පවසයි.

මේ අනුව ගුවන් හමුදා ආධුනික නියමුවන්ගේ පුහුණුවීම් සහ ගුවන් ආවේක්ෂණ කටයුතු වෙන වෙනම නොව එකට සිදු කරන ලෙස ගුවන් හමුදාපතිවරයා උපදෙස්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස එම ක්රියාමාර්ගය අනුගමනය කරන බවයි.
කෙසේ වෙතත් හදිසි ගලවා ගැනීම් සහ ආපදා තත්වයන් සඳහා මුහුණදීමට ගුවන් යානා කිහිපයක් සීරුවෙන් තබා ඇතැයිද ඔහු සඳහන් කළේය.
සාමාන්යයෙන් හෙලිකොප්ටර් යානයක් පැයක කාලයක් පියාසර කිරීම සඳහා ඉන්ධන ලීටර් පන්සියයක් පමණ වැයවන බව ගුවන් හමුදාව පවසයි.
මේ අතර අත්යවශ්යම රාජකාරි සඳහා පමණක් වාහන යොදවා ගන්නැයි ගුවන් හමුදාපතිවරයා දිවයින පුරා සියලුම ගුවන් හමුදා කඳවුරු වල ප්රධානීන්ට උපදෙස්දී ඇත.
කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත්වෙන රැස්වීම් සහ සාකච්ඡා සඳහා පිට පළාත්වලින් නිලධාරීන් කැඳවීමද ඉන්ධන ප්රශ්නය හේතුවෙන් සීමා කරනු ලැබ ඇත.
බොහෝ සාකච්ඡා සඳහා ඒ නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නැයි ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...