විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය.
පුත්තලම කල්අඩිය ග්රාම නිළධාරි වසමට අයත් නෙළුම් වැව ප්රදේශයේ පිහිටි වගා බිමකට ආසන්නයේදි පසුගිය වසරේ නොවැම්බර් 21 දිනට ආසන්න දිනකදි ඇතාට විදුලි සැර වද්දවා මරා දමා පසුව ජේසිබි යන්ත්රයක ආධාරයෙන් දැවැන්ත වළක් කපා වළ දමා තිබූ බව අධිකරණයේදී කියැවිණි.
මාස තුනකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසානයේ මෙම සිද්දියට සම්බන්ධ ප්රධාන සැකකරු වන අලි රෝෂාන් නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන එම්.ඩි.රෝෂාන් අනුරුද්ධ දිසානායක නැමති අයට මුදලින් රුපියල් ලක්ෂ පහක් නියම කළේය.
ප්රධාන සැකකරුට නියම කල දඩ මුදල 8 දින අධිකරණයට බැදිමට නියෝග කළ මහෙස්ත්රාත් වරයා එසේ නොගෙවන්නේ නම් මාස හයක බරපත වැඩ සහිතව සිර දඩුවම් නියම කිරීමටද නියෝග කළේය.
ඒ සමගම තුන්වන,හතරවන, හා පස්වන සැකකරුවන් වන පිළිවෙලින් ඩි.එම්.සිනෙත් නිශාන්ත,එම්.ඩි.ජනක රුවන් දිසානායක,හා කේ.ජයවිර පෙරේරා යන වරදකරුවන්ට එක් අයකුට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් හත් ලක්ෂ පනස් දහසක දඩ මුදලක් නියම කර තිබුනී.
එම දඩ මුදල ජූලි 26 දිනට පෙර ගෙවිමට අතිරේක මහෙස්ත්රාත් වරයා අවසර දුන්නේය.
මෙම නඩුවේ දෙවන සැකකාරිය වන වඩිවෙල් වල්ලි අම්මා නැමති සැකකාරියට තමන් අධිකරණයේදි නිවැරදීකාරිය බව පැවසිම නිසා එම නඩුව විභාග කිරීමට අතිරේක මහෙස්ත්රාත් වරයා අවසර ලබා දී තිබුනී.
මෙලෙස ඝාතනය කර තිබුණේ වයස අවුරුදු 35 කට ආසන්න අඩි 8 ක් උසැති අතේකු බව වනජීවි නිළධාරින් පවසයි.
හිරාන් ප්රියංකර ජයසිංහ
No comments:
Post a Comment