Wednesday, 9 March 2022


කිරකට් විනාශයට පරිපාලනය මෙන්ම ඒජන්තවරුත් වගකියන්න ඕනි

රිකට් කරීඩකයන්ගේ සමාජ මාධ්ය පරිහරණය තහනම් කළ යුතු බව හිටපු ටෙස්ට් සහ එක්දින කරිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඔවුන් කරිකට් කරීඩාවේ නිරත කාල පරිච්ෙඡ්දය තුළ තාවකාලිකව මෙම තහනම සිදුකළ යුතු බවත් හෙතෙම කීවේය.
ඇතැම් කරීඩකයන්ගේ කළමනාකරුවන් නොහොත් ඒජන්තවරුන් තම තමන්ගේ කරීඩකයන් පරවර්ධනය කිරීම සඳහා විශාල වියදමක් දරමින් සමාජ මාධ්ය භාවිතා කරමින් ඇතැයිද රණතුංග මහතා පැවසීය.
මුදල් ගෙවා සමාජ මාධ්ය තුළ ජනපරිය කරවීම කරීඩා කෞෂල්යය ඉහළ යෑමට හේතුවක් නොවන බව කී අර්ජුන රණතුංග මහතා එහෙයින් කරීඩාවේ උන්නතිය වෙනුවෙන් සාධාරණ නොවන එහෙත් ආයෝජනාත්මක එවැනි තීන්දු ගත යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.
තමා කරිකට් පරිපාලනය තුළ සිටියේ නම් අනිවාර්යයෙන්ම මෙම තීරණය කරියාත්මක කරන බවත් ඔහු පැවසීය.
එසේම තමා ඉන් එහාට ද ගොස් කරීඩකයන්ගේ මානසික මට්ටම් බිඳ වැටෙන සේ ඇතැම් අදහස් පළ කරන කරීඩාලෝලී සමාජ මාධ්ය ජාලා පරිශීලකයන් ගෙන් එවැනි දෑ නොකරන මෙන් ගෞරවනීය ඉල්ලීමක් සිදු කිරීමට අමතක නොකරන බවත් අර්ජුන රණතුංග මහතා කීවේය.
මෙරට කරිකට් කරීඩාව විනාශ වීමට කරිකට් පරිපාලනය මෙන්ම කරිකට් කරීඩාව තුළ සිටින ඒජන්තවරුන් නොහොත් කළමනාකරුවන් සෘජුව වගකිව යුතුව ඇතැයි හෙතෙම චෝදනා කළේය.
මෙම ඒජන්තවරුන් මුදල් ඉපයීම මුඛ්ය පරමාර්ථය කර ගනිමින් දිගින් දිගටම කටයුතු කිරීම තුළ කරීඩාව කබලෙන් ළිපට වැටී ඇති බවත් කී රණතුංග මහතා මෙම ඒජන්තවරුන් තේරීම් කමිටුවට මෙන්ම කරිකට් පරිපාලනයට දැඩි බලපෑම් එල්ල කරමින් කටයුතු කරන බවත් හෙතෙම තවදුරටත් චෝදනා කළේය.
එසේම ඇතැම් කරීඩකයන් ආගම් පරචාරණය කිරීමේ මාධ්යයක් ලෙස කරිකට් කරීඩාව යොදාගෙන ඇති බවත් කී අර්ජුන රණතුංග මහතා ඇතැම් කරීඩකයන් පිටිය තුළ ඕනෑවටත් වඩා සිදුකරන කරියාකාරකම් තුළ ඒ පිළිබඳ ඇති සැකය තවත් තීවර කරවන්නක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.


සිරිමන්ත රත්නසේකර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...