Tuesday, 22 March 2022


ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමට අවශ්ය තාක්ෂණික උපදෙස් සඳහා ජාත්යන්තර නීති ආයතනයක සේවය ලබාගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

මේ අතර මෙරට මුහුණදී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.
ඒ බව අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමට සංවිධානය කර තිබූ මාධ්ය සාකච්ඡාවේදී තොරතුරු හෙළිදරව් විය.
පසුගිය වසර දෙක තුළදී ශ්රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති අතර එම අගය මේ වනවිට ඩොලර් බිලියන 2.31කි.
මේ වසර තුළදී ශ්රී ලංකාව විසින් පියවිය යුතු රාජ්ය ණය ඩොලර් බිලියන 4කි.
මේ අතර කැබිනට් ප්රකාශක, අමාත්ය රමේෂ් පතිරණ පැවසුවේ ශ්රී ලංකාව ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් "තාක්ෂණ උපදේශකවරයෙක්" පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.
එම තෝරාගැනීම් කටයුතු අධීක්ෂණය සඳහා මහ බැංකු අධිපතිවරයා, විදෙස් සහ අධිකරණ අමාත්යවරු පත්කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...