Tuesday, 22 March 2022


ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන මිනිසුන් වෙසෙන රට ලෙස ෆින්ලන්තය අඛන්ඩව පස්වෙනි වතාවටත් තේරීපත් වෙයි.

ෆින්ලන්තය 2022 වර්ෂය සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පැමිණ තිබේ. එහි දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව ඇත.
මෙම දර්ශකය සඳහා රටවල් 150 ක පමණ ජනමත සමීක්ෂණ අනුව පුද්ගලයන්ගෙන් දත්ත ලබා ගනු ලැබේ.
2022 වසරේ ලෝකයේ සතුටින්ම සිටින රටවල් දර්ශකයේ 127 වැනි ස්ථානය ශ්රී ලංකාවට හිමිවී ඇත.
දළ දේශීය නිෂ්පාදනය, ආයු අපේක්ෂාව, තීරණ ගැනීමේ නිදහස, ත්යාගශීලී බව,රාජ්ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගීතාව ඇතුළු කරුණු පදනම් කර ගනිමින් රටවල් වලට ලකුණු ලබා දීම සිදු කරයි.
ඇමෙරිකාව 19 වැනි ස්ථානයටත්, ඉන්දියාව 136 වෙනි ස්ථානයේත්,අවසන් ස්ථානය ඇෆ්ගනිස්ථානයටත් හිමිව තිබේ .

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...