රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පිරිනමා තිබූ ටයික්වොන්ඩෝ (taekwondo) කරාටේ කළු පවිය අවලංගු කිරිමට World Taekwondo සංගමය තීරණය කර තිබේ.
එම සංගමය පවසන්නේ, යුක්රේනයට එරෙහිව රුසියාව එල්ල කරන ප්රහාරවලට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බව ය.
World Taekwondo සංගමයේ ආදර්ශ පාඨය වන්නේ, "ජයග්රහණයට වඩා සාමය උතුම් ය," යන්න
ටයිඩොඩෝ ක්රීඩාවේ සාරධර්මය වන ගරු කිරීම සහ ඉවසීම යන ගුණාංග අහිංසක ජනතාව වෙත කුරිරු ප්රහාර එල්ල කිරීම හරහා විනාශ වන බව එම සංගමය පවසයි.
මේ හේතුවෙන් 2013 වසරේ නොවැම්බර් මාසයේදි ලැඩිමීර් පුටින් වෙත පිරිනමන ලද කළු පටිය අවලංගු කරන බව නිවේදනයක් නිකුත් කරමින් World Taekwondo සංගමය පැවසීය.
No comments:
Post a Comment