Wednesday, 9 March 2022


රිමියාව අයත් වන්නේ රුසියාවට ලෙසත් ඩොනෙට්ස්ක් සහ ලූගාන්ස්ක් පරාන්ත ස්වාධීන රටවල් බවට පිළිගන්නේ නම් ඕනෑම අවස්ථාවක යුක්රේන ආකරමණය නතර කරන බව රුසියානු ජනපති ව්ලැඩර්මීර් පුටින් පරකාශ කර ඇත. එසේම යුක්රේනය වහාම හමුදා මෙහෙයුම් නතර කළ යුතු බව ද හෙතෙම තවදුරටත් පළ කළේය. මෙයට අමතරව කිසිදු සංවිධානයකට සම්බන්ධ නොවන බවට යුක්රේන ආණ්ඩුකරම ව්යවස්ථාව සංශෝධනය කළ යුතු බව ද රුසියානු ජනපතිවරයා කියා සිටියේය. යුක්රේන ව්යවස්ථාව සංශෝධනයට ලක් කළහොත් එම රටට නේටෝ සංවිධානයට බැඳිය නොහැක. රුසියාවේ මෙම ඉල්ලීම ගැන යුක්රේන ජනපති සෙලන්ස්කි පැවසුවේ එම සියලූම ඉල්ලීම් පරතික්ෂේප කරන බවයි.

මේ අතර රුසියාවේ 41 වැනි සේනාංකයේ පරධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව් යුක්රේනයේ කාර්කිව් නගරය අසල දියත් වූ යුද මෙහෙයුමකදී මරුමුවට පත් විය. චෙච්නියානු යුද මෙහෙයුම දියත් කළේ ඔහුයි.
ජෙනරාල් ජෙරසිමෝව්ගේ මරණය ගැන රුසියාව මෙතෙක් කිසිදු පරකාශයක් කර නැත.
යුක්රේන ආකරමණය නතර කිරීමට පුටින්ගෙන් කොන්දේසි
යුක්රේන ආකරමණයේ දී මරුමුවට පත් දෙවැනි හමුදා පරධානියා ජෙනරාල් ජෙරසිමෝව් වේ. මේ වනවිට යුක්රේන පරහාරවලින් රුසියාවේ 52 වැනි පරහාරක යානාව ද විනාශ වී ඇත. ඊට අමතරව හෙලිකෝප්ටර් 65ක් ද යුක්රේන හමුදාව විනාශ කර ඇත.
මේ අතර ක්රෙමිලින් පරකාශක පෙස්කෝව් පැවසූවේ යුක්රේනය නිරායුධ කිරීමේ මෙහෙයුම දිගටම කරියාත්මක වන අතර යුක්රේන හමුදාව පරතිපරහාර එල්ල කිරීමෙන් වැළකිය යුතු බවයි. එම මෙහෙයුම නතර කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.
ලක්ෂයක යුක්රේන හමුදාවක් රුසියානු භාෂාව කතා කරන ඩොනෙක්ට්ස් සහ ලූශාන්ස්ක් පරාන්තවල සිටිනවා. එම යුක්රේන හමුදාවට බිරතාන්යය සහ රුසියානු අවි සැපයෙනවා යැයි ක්රෙම්ලීන පරකාශකයා තවදුරටත් චෝදනා කළේය.
මේ පසුබිම මැද යුක්රේන දේශසීමාව අසල රහසිගත ගුවන් යාතරාංගණය සෑම දිනකට ගුවන් යානා 17ක් මගීන් අවි සැපයෙන බව හෙළි වී ඇත.
මෙම යානාවලින් යුද ටැංකි නාශක අවි 17000ක් සපයා තිබේ. මෙයට අමතරව ස්ටින්ජර් මිසයිලද 2000ක් ගොඩබා තිබේ. ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 350ක් වටිනා අවි ආයුධ යුක්රේනයට සපයා තිබේ. මේ අතර යුක්රේන යුද්ධය නතර කිරීම සඳහා ජනපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි බටහිර රටවල විවේචනයට ලක්වී ඇත.
යුක්රෙනය සහ රුසියාව අතර තෙවන වටයේ සාකච්ඡුා ද අසාර්ථක වී ඇතැයි වාර්තාවේ. එහෙත් ලබන බරහස්පතින්දා තුර්කයේ ඇන්කාරා නුවරදී සිව්වැනි වරටත් සාකච්ඡුාවක් පැවැත්වේ. එයට රුසියානු විදේශ ඇමති ලැව්රොව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිතරි කුලේබාද සහභාගී වේ.
පසුගිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ වූ යුක්රේන ආකරමණය නතර කිරීම සඳහා ලොව කිසිදු රටකට මෙතෙක් හැකි වී නැත. ඊශරායල් අගමැති බෙනෙට් සහ පරංශ නායක මාර්කොන්ද ජනපති පුටින් අමතා යුද මෙහෙයුම නතර කරන ලෙස ඉල්ලා ඇතත් ඔහු ඊට එක`ග වී නැත. මේ අතර රුසියානු ජනපති පාර්ලිමේන්තු හමුදාපති බුද්ධි පරධානීන් සහ ජනපති පුටින් සමග සබඳකම් පවත්වන කෝටිපති ව්යාපාරිකයන් 10කට ජාත්යන්තර සම්බාධක පනවා තිබේ. එහෙත් එම සම්බාධක ගැන තැකීමක් නොකරන බව රුසියානු රජය කියා සිටියේය.
එසේම රුසියානු රජය තමන්ට සතුරු රටවල් පරකාශයට පත්කර ඇත. එම රටවල් මෙසේය.
ඇමෙරිකාව, යුරෝපා සංගමයේ සියලූම රටවල් බිරතාන්යය, යුක්රේනය,
මොන්ටිනීග්රෝ, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩෝරා, අයිස්ලන්තය, මොනාකෝ, නෝර්වේ, සැන්මැරිනෝ, උතුරු මැසිඩෝනියාව, ජපානය දකුණු කොරියාව, ඔස්ටේරලියාව, මයික්රොනීසියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිවානය.
ලෝක ඉතිහාසයේ මුල්වරට බලවත් රටක් තමන්ට සතුරු රටවල් නම් කළ පරථම අවස්ථාව මෙයයි.
මේ අතර සිවිල් වැසියන් ඝාතනය කරන රුසියානු සෙබලූන් හඹාගොස් ඔවුන්ව වනසා දමන බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි තර්ජනය කර ඇත. ඔහු මේ බව පැවසූවේ සිවිල් වැසියන්ට පලා යෑමට ඉඩ සැලසූ මාර්ගයකට ද රුසියානු හමුදා ෂෙල් වෙඩි පරහාර එල්ල කිරීමයි.
යුක්රේනයේ සිවිල් වැසියන් 900කට අධික සංඛ්යාවක් මේ වනවිට මරුමුවට පත් වී ඇත. එසේම රුසියානු හමුදා භටයන්ට ස්තරී ¥ෂණ චෝදනා ද එල්ල වී තිබේ.
මේ අතර ඇමෙරිකානු බළකායක් ලිතුවේනියාවට පැමිණ ඇත. ඇමෙරිකානු හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරියකු වූ මයිලි ලිතුවේනියානු බලධාරීන් හමුවී ඉන් පසු ඇමෙරිකානු බළකායේ නිලධාරීන් සමග ද සාකච්ඡා කර ඇත.
මෙම රුසියානු මෙහෙයුමෙන් සෙබළු 10000 මරුමුවට පත්වී ඇති බව යුක්රේනය පැවසුවත් රුසියානු බලධාරීන් පවසන්නේ මියගිය සංඛ්යාව 500යකට ආසන්න බවයි. එසේම රුසියාව ණයවී ඇති රටවල් වලට ණය ගෙවන්නේ රූබල්වලින් මිස ඩොලර්වලින් නොවන බවයි. මේ වනවිට රුසියානු රූබල් මුදලේ අගය සියයට 50කින් අඩුවී ඇත. මෙයට අමතරව ජාත්යන්තර ක්රෙඩිට් කාර්ඞ්පත් තහනමක් නිසා රුසියාව තවත් අර්බුදයකට මුහුණ පා තිබේ. රුසියාවේ තෙල්වලට ද ගෑස්වලට ද සම්බාධක පනවා ඇතත් යුරෝපයට දිවෙන රුසියානු ගෑස් නළ මාර්ගයේ එන ගෑස් අත් හිටුවා නැත. යම් ලෙසකින් රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නතර කළහොත් යුරෝපා ජනතාව දැඩි අර්බුදයකට පත්වේ. යුරෝපයට අවශ්ය ගෑස් සැපයුමෙන් සියයට 40ක් සපයන්නේ රුසියාවයි.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...