වාහන සිය ගණනක් ඉන්ධන නොමැතිව පසුගිය දින කීපයේදී අධිවේගී මාර්ගයන්හි තැන තැන නතරවී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ඒ ස්ථානවල අධික තදබද තත්වයක් නිර්මාණයවී තිබු බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති.
ඉන්ධන නොමැතිව වාහන අධිවේගී මාර්ගයේ නතරවීම වැඩිවී ඇතැයිද ඔවුහු සඳහන් කරති. මේ තත්වය නිසා ගමනාන්තය දක්වා ඉන්ධන ප්රමාණවත් පරිදි ලබාගෙන පැමිණෙන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඉන්ධන නොමැති බව වාහන මෙලෙස නතරවීමෙන් තදබද තත්වයන් ඇතිවීමට අමතරව විවිධ අනතුරු ඇතිවීමටද එය හේතුවක් විය හැකි බව එම අධිකාරිය අනතුරු අඟවයි.
අධිවේගී මාර්ගයන්හි ඉන්ධන නොමැතිව නතරවී ඇති වාහනවලින් වැඩි ප්රමාණයක් ඈත දුර බැහැර ප්රදේශවලින් පැමිණි ඒවා බව වාර්තා වේ.
ඉන්ධන අවසන්වූ වාහන රැසක් ඉන්ධන සොයා ගන්නා තෙක් පසුගිය දිනවල වැලිපැන්න කැනොවින් ආකේඩ් ගිමන්හලේ නවතා තිබෙනු දැකගත හැකිවිය.
මේ හේතුවෙන් එම ස්ථානයේද අවස්ථා ගණනාවක අධික තදබදයක් ඇතිවිය.
මේ අතර අධිවේගී මාර්ගවලට ප්රවේශ වීමේදී අමතර රෝදයක් සහ යම් යම් කටයුතු සඳහා අවශ්ය කෙරෙන උපාංග වාහනවල තබාගෙන පැමිණීම වැදගත් බව ඒ මාර්ගයන්හි පරිපාලන නිලධාරීහු පවසති.
සුජිත් හේවාජුලිගේ
No comments:
Post a Comment