අප විසින් ආහාරයට ගන්නා බොහෝමයක් ආහාරවල පිෂ්ඨය හා සීනි අඩංගු වේ. මේ දෙවර්ගය අප ශරීරයට අත්යවශ්ය පෝෂ්ය කොටස්ය. එමඟින් ශරීරයට අවශ්ය ශක්තිය ලැබේ. එබැවින් මේවා අඩංගු ආහාර ශක්ති ජනක ආහාර ලෙසින් ද හැඳින්වේ. මෙමඟින් ශරීරයට ශක්තිය ලබාගැනීමේදී සරල සීනි බවට පත්වී ලේවලට උරා ගැනේ. ඉන්පසුව ශරීරයේ සීනි මට්ටම පැය දෙකක් පමණ වනතුරු ඉහළ යයි. මේ කාලයේ දී ඉන්සියුලින් නැමැති හෝමෝනය මඟින් ලේවල ඇති සරල සීනි නොහොත් ග්ලුකෝස් සෛලවලට උරා ගැනේ. එවිට ශක්තිය ලැබේ.
ඉන්සියුලීන් නැමැති හෝමෝනය අප ශරීරය තුළ නිපදවන්නේ අගන්යාශයට. අග්න්යාශයේ ක්රියාකාරීත්වය අඩපණ වුණහොත් මේ ඉන්සියුලින් නිපදවීම නිසියාකාරව සිදුවන්නේ නැත. එවිට පිටතින් ඉන්සියුලින් ලබාදීම සිදුකෙරේ. මේ තත්ත්වය ඇතැමුන් තුළ කුඩා කලදීම දැකිය හැක. තවත් අයගේ එම තත්ත්වය ඇතිවන්නේ පසුකාලීනවයි. විවිධ ආසාදන හේතුවෙන් අගන්යාශයට හානිවීම නිසාත් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන. එමෙන්ම නිතර නිතර පැණි රස හා පිටි සහිත ආහාර ගැනීම නිසාත්, නිතරම අගන්යාශයට ක්රියාකාරී වීමට සිදුවේ. සාමාන්යයෙන් මහන්සිවී වැඩකළ විට තෙහෙට්ටුවක් දැනේ. ඇතැම්විට ඒ පුද්ගලයන්ට ලෙඩ වූවා සේ ඒ මහන්සිය තදින්ම දැනේ. අපගේ ශරීර කොටස් ද සෛල රාශියක එකතුවකින් සෑදී තිබෙන බැවින් එම කොටස් ද අකර්මණ්ය විය හැකියි. එබැවින් ඉන්සියුලින් නිපදවීම නිසි පරිදි සිදුනොවේ.
රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් අපගේ ශරීරයට සිදුකරන බලපෑම:-
සීනි මට්ටම යම් ලෙසකින් වැඩි වුවහොත් එය රුධිරයේ ඉතිරි වන නිසා වැඩිපුර සීනි ඉවත් කිරීමට වකුගඩු අනවශ්ය ලෙස වෙහෙසවීමට සිදුවේ. එවිට වකුගඩු රෝගී විය හැකිය. එමෙන්ම ශරීරයට අවශ්ය ශක්තිය නොලැබී යාම හේතුවෙන් අවශ්ය ශක්තිය ලබාගැනීමට තෙල් හා ප්රෝටීන දහනය කිරීමට වෙහෙසීමෙන් වෙනත් රෝග ඇතිවිය හැක.
විශේෂයෙන්ම වකුගඩුවලට, අක්මාවට, අගන්යාශයට, ස්නායුවලට, ඇස්වලට මෙයින් බලපෑම් ඇතිවිය හැකි වීම භයානක තත්ත්වයකි. එබැවින් දියවැඩියා රෝගියකු මෙන්ම රෝගයට තවමත් ගොදුරු නොවූ අයකු වුවද සීනි මට්ටම පාලනය කරගැනීමට සුදුසු ආහාර රටාවකට යාම ඉතා වැදගත් වේ.
බොහෝ දෙනෙකු තුළ දියවැඩියා ලක්ෂණ ඇතිවන්නේ ඇයි:-
අතීතයේ දී මිනිසා ආහාර ගැනීමත් සමඟ තම කය වෙහෙසා වැඩ කළේය. එකල ගත් ආහාර වේල් හිතාමතා නොවුණ ද තුලිත ආහාර වේලක් ද විය. එම ආහාර වේලේ පිෂ්ඨය, ප්රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ ද අන්තර්ගත විය. එමෙන්ම ඔවුහු නිතරම තම ගෙවත්තෙන් පිරිසිදු පළතුරු ද ආහාරයට ද ගත්හ.
නමුත් වර්තමානයේ දී කෘත්රිම රසායනික අඩංගු පිටි සහිත හා තෙල් සහිත ආහාර නිතරම ආහාරයට ගැනීම සිදුකෙරේ. එමෙන්ම බොහෝ දෙනෙකු දිනකට අවම වශයෙන් මීටර් දෙසීයක්වත් පා ගමනින් යන්නේ ද නැත. බොහෝ දෙනා අද ගමන් කරන්නේ වාහනයකිනි. රෙදි සෝදන්නේ මැෂිමෙනි. නිවසේ ඉතිරි කාර්යයන්ද යන්ත්ර සූත්රවලට බාරකර ඇත. එබැවින් ශරිරයේ සාමාන්ය ක්රියාකාරීත්වය අඩුවේ. එබැවින් අප ගන්නා ආහාරවල පවතින සීනි මට්ටම පාලනය කිරීමට අගන්යාශයට වැඩිපුර නිතරම වෙහෙසන්නට සිදුවේ. එවිට එහි ක්රියාකාරීත්වය ක්රමයෙන් අඩු වී යාහැක.
දියවැඩියාව පාලනය කරගැනීමට ගෙදරදීම කළහැකි දේ:-
දියවැඩියා රෝගියකු නොකළ යුතුදේ:-
දියවැඩියා රෝගීන් කළයුතු - නොකළ යුතු දේ
Health news වෙබ් අඩවිය ඇසුරෙනි
No comments:
Post a Comment