Tuesday, 22 March 2022

ජනතාව පෝලිම්වල මිය යාම සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ සියලු දෙනා භාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (මාර්තු 22) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රටේ පවතින තත්ත්වය "අධිසංවේදි" වන්නක් වන අතර එය කළමනාකරණය කර ගැනීමට උපරිමයෙන් උත්සහ කරන බව ද ඔහු පැවසීය.

සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, රජයට පාලනය කළ නොහැකි තත්වයන් යටතේ පැවති කරුණු හේතුවෙන් රට තුළ පවතින ගැටලු සංකීර්ණ වී ඇති බව ය.

එබැවින් මෙම තත්වයන්ගෙන් ගැලවීම සඳහා රජයේ සියලු දෙනා ම කැපකිරීම් සිදු කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.

මාධ්‍යවේදියා -

"අද වෙද්දි මිනිස්සු තෙල් පෝලිම්වල මිය යනවා. කලින් මිනිස්සු මැරුණේ කොරෝනා හෝ යම් කිසි දෙයක් නිසා. නමුත් මේ වෙද්දි මිනිස්සු මිය යන්නේ බඩගින්නේ. අත්‍යවශ්‍ය ම දේවල් වුවමනා වෙලා ගිය සතියේ ඔබතුමාලා සංවේදී වෙනවා. මේ සතියේ ඔබතුමාලා අධිසංවේදී වෙනවා ද? ඔබතුමාලා මිනිසුන්ගේ පීඩනය ගැන තැකීමක් නැතිව ද ඉන්නේ?"

සම කැබිනට් ප්‍රකාශකවරයා -

"මේක සංවේදි කාරණයකට වඩා අධිසංවේදී කාරණයක්. එහි වගකීම ජනාධිපතිතුමා ත් රජය හැටියට අපි සියලු දෙනා වගකීම දරනවා. මේ අර්බුදය මතු වීමට ප්‍රධාන පාදක වෙච්ච කාරණය දීර්ඝ කාලයක් තිස්සේ 1977 න් පසු මේ රටේ ඇතිවුණු ආර්ථික තත්ත්වය සහ එම තත්වය

කොරෝනා අර්බුදය හමුවේ 2020 වසරේ සහ 2021 වසරේ ඉතා ම සංකීර්ණ තත්ත්වයට පත්වීම බව අපි හැම කෙනෙක් ම දන්නා කාරණාවක්. රජය හැටියට අපි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න රජයේ වියදම් සීමා සීමාකරන්න කටයුතු කළා. රජය උපරිම කැපකිරීම් කරමින් ජනාධිපතිවරයාගේ පටන් මැති ඇමතිවරුන් කටයුතු කරලා තියෙනවා. "


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...