Tuesday, 22 March 2022


උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයට සහ යාබද නැගෙනහිර - මධ්‍යම බෙංගාල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අන්දමන් දූපත් ආසන්නයෙන් ඉවතට ගමන් කර ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර් වෙරළට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අදාළ පීඩන අවපාතය සම්බන්ධයෙන් වන නවතම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , ඉහත මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ය.

එමෙන් ම සුළගේ වේගය පැයට කි.මී. 45-55 පමණ වන අතර විවින් විට පැ.කි.මී. 60-70 දක්වා යා හැකි බැවින් විවින් විට එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව ද දැනුම් දී තිබේ.

එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාත තත්ත්වය අද පෙ.ව. 8.30 වන විට උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 94.2ත් ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවතිණි.

මේ අතර ඉදිරි දිනවල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වෙල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඒ සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...