Saturday, 26 March 2022


ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ජාත්යන්තර මූලය අරමුදල මගින් එළිදැක්වීමට පියවර ගෙන ඇත.

මෙහි ඇති ඇතැම් කරුණු මෙසේය.
IMF ලංකා වාර්තාවට අනුව, ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත.
ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි
ප්රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙන්නේ නැත.
දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.
වත්මන් රජය 2019 දී සිය ව්යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම, මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) වැට්, කෝපරේට් ටැක්ස්, ආදායම් බදු, ජාතික ගොඩනැගීමේ බද්ද කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සර දක්වා ඇත.
රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වසර දෙකක් තුල මුදල් අච්චු ගසා ඇති බව එහි සදහන්ය.
වාර්තාවේ 9 වන පිටුවේ දැක්වෙන්නේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීමට කෝවිඩ්, ගජමිතුරන්නට දුන් බදු සහන, අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි.
මිල සුත්රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය හා බැදී ඇති බව පැහැදිලිය.
යහපාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බවත්, මේ වන විට එය 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.
වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක්වන්නේ මුලික ආර්ථික ප්රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය.
රජය ශ්රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9%ක් වැඩිවී ඇති බව දක්වයි.
අප අමතක නොකළ යුත්තේ ‘‘අඩුම ආර්ථික වර්ධනයක් ලඟාකරගත් වසර දෙකක්, වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා කළ, දළ දේශීය නිෂ්පාදනයේ ප්රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුව ආදායම වාර්තාවී ඇති, වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇති, දළ දේශීය නිෂ්පාදනයෙන් 119% ණයවී සිටින රටක ආර්ථිකය‘‘ පිළිබඳ ජාත්යන්තර මුල්ය අරමුදල සිය නිරීක්ෂණ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) දැන් 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජනයක් වෙති.
ජාත්යන්තර මුල්ය වෙළඳපලේ පහලම ශ්රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්ය අරමුදල ලබාදී ඇත.
1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (2019 ට පෙර තිබු බදු ක්රමයට නැවත යාම)
2. පාඩු ලබන රාජ්ය ව්යවසාය ප්රතිව්යුහගත කිරීම/විකුණා දැමීම
3. ණය ප්රතිව්යුහගත කරණය උපක්රම වෙත යොමුවීම
4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)
5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම
6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම
ජාත්යන්තර මුල්ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි.

The International Monetary Fund (IMF) has taken steps to release its report on Sri Lanka.

Here are some facts:

According to the IMF Lanka Report, the ratio of Sri Lanka's GDP to debt has risen to 119%.

Sri Lanka's foreign exchange reserves fell to $ 2,204 million, the report said

The report does not state that the number has dropped to 800 million.

Debt accounts for 64.2 percent of GDP

The current government's reduction of Treasury (country) revenue by giving tax breaks to its business cronies in 2019 is the beginning of this economic crisis. The report (page 6) details the loss of revenue due to VAT, corporate tax, income tax and national building tax cuts.

The IMF's observations on rising inflation in the country are detailed. It states that 23 times as much money was printed in two years as it was printed from 1952 to 2020.

On page 9 of the report, it is stated that the 100% increase in the country's debt was due to the tax concessions given by Kovid to his cronies and his failure to manage the budget.

It also states that the loss of the Ceylon Petroleum Corporation without a price formula was a burden to the country's economy. It is clear that the economic crisis is linked to the fuel crisis.

The Good Governance Government (2019) received 11.6% of government revenue from taxes, which has now dropped to 7.2%, the report said.

Throughout the report, data, not words, suggest that the collapse of the Sri Lankan economy was due to the neglect of basic economic policies.

Government debt to the Central Bank of Sri Lanka increased by 9% from March 2000 to November 2021.

We must not forget that “two years with the lowest economic growth, the highest inflation rate in 12 years, the lowest return on GDP as a percentage, the highest money printing, 119% of GDP indebted The International Monetary Fund (IMF) has issued its findings on the country's economy. Domestic debt (bonds), which stood at 5%, have now risen to 60%. The majority of that money is a non- erforming investment.

The IMF has provided five tips on how to rebuild the economy with the lowest ratings in the international financial markets.

1. Change of tax concessions (VAT, income tax, corporate tax concessions) granted in 2019 (Return to pre-2019 tax system)

2. Restructuring / selling of loss-making state enterprises

3. Focusing on debt restructuring strategies

4. Take steps to control inflation (stop arbitrary printing of money, eliminate the ability of the Governor of the Central Bank and the Secretary to the Treasury to print money through the Monetary Board)

5. Determining the interest rate according to market criteria

6. Strengthen the Social Security Network

International Monetary Fund reports do not present facts that would embarrass a country. According to the principles of economics, only the path to economic data analysis of a country is pointed out.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...