Thursday, 24 March 2022


විදේශ විනිමය අර්බුදයේ පීඩාවන් ආර්ථිකයේ සෑම අංශයකටම පාහේ අහිතකර ලෙස බලපා තිබේ. එසේම දෛනිකව මහජනයාට ද විනිමය අර්බුදයේ ඉමහත් පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇත. පෙටරල්, ඞීසල් සහ භූමිතෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ විදුලිය කැපිල්ල යනාදිය අත්විඳීම මේ වන විට සාමාන්ය සංසිද්ධියක් බවට පත්ව ඇත. එසේම මේ පෝලිම්වල සිදුවන ගුටිබැට හුවමාරුවලට අමතරව මේ වනවිට මරණ ද වාර්තා වී ඇත. පෝලිමක සිදු වූ බහින් බස් වීමක් මත එක් මිනී මැරුමක් ද සිදුව තිබේ. දැන් මහජනයා ඇතැම් ස්ථානවල පාර අවහිර කරමින් විරෝධතා දැක්වීමට ද පටන් ගෙන ඇත. මේ නිසා මෙම බලවත් පීඩාවන් හමුවේ ජනතාව බලවත් කෝපයට පත්ව ඇති බවක් ද පෙනේ. අප කෙතරම් කතා කළත් මේ පරශ්නයේ පරධානතම හේතුවක් වී ඇත්තේ විදේශ විනිමය හිඟයයි. ඩොලර් පරශ්නයට අමතරව විදුලිය කප්පාදුව සඳහා පරධාන හේතුව වී ඇත්තේ වැඩිවන විදුලිය ඉල්ලූමට සරිලන පරිදි පසුගිය

කාලයේ කලට වෙලාවට නව විදුලි බලාගාර ඉදි නොවීමයි. විදුලිබල විශේෂඥයින් සමග කතා කිරීමේ දී ඔවුන් සඳහන් කළ දෙයක් වූයේ ඉන්ධන සපයා උපරිම ධාරිතාවයෙන් ඞීසල් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කළත් මේ මොහොතේ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවයි. කෙසේ හෝ මේ විනිමය අර්බුදය විසඳීම සඳහා මෙතෙක් ගනු ලැබූ කරියාමාර්ග එතරම් පරතිඵලදායී වී ඇති බවක් හෝ පරමාණවත් වී ඇති බවක් නොපෙනේ. එසේ වූවා නම් මේ පරශ්න මෙතෙක් දුරට වර්ධනය වී මහජනයා මෙතරම් පීඩාවට පත් නොවේ. මේ පසුබිම තුළ අපි මේ විදේශ විනිමය අර්බුදයේ බලපෑම් සහ එය සමනය කර ගැනීමේ උත්සාහය ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
2019 වසරේ නොවැම්බර් මාසයේ මේ රජය පත්වන විට පාස්කු පරහාරයෙන් බිඳ වැටී තිබූ සංචාරක කර්මාන්තය යන්තම් හිස ඔසවමින් තිබුණි. එසේම පාස්කු පරහාරයේ අහිතකර ආර්ථික බලපෑම් සමනය වෙමින් ද තිබුණි. එවන් මොහොතක අනපේක්ෂිතව කොරෝනා ව්යසනයට අපට පමණක් නොව මුළු ලෝකයටම මුහුණ දීමට සිදුවිය. මේ නිසා සංචාරක ඉපැයුම් ඇතුළු අපගේ විදේශ විනිමය ලැබීම් සීමා වී අපගේ පැවැති විදේශ විනිමය අර්බුදය වඩාත් උගර තත්ත්වයට පත් විය. ඒ සමගම අප විසින් ගෙන තිබූ විදේශ ණය සඳහා ගෙවීම් විශාල වශයෙන් සිදු කිරීමට නියමිතව තිබීම ද පරශ්නය තවත් බරපතල කර ඇත. එහෙත් මේ ණය වගකීම් ගැන මේ ආණ්ඩුව නොදැන සිටියා නොවේ. මේ සියලූ ණය ගෙවීමේ වගකීම් කාලවකවානු සහිතව රජය මුල සිටම දැන සිටියේය. කොරෝනා වසංගතයෙන් පසු මුහුණ දීමට සිදු වූ විදේශ විනිමය ලැබීම් අඩු වීමේ තත්ත්වය ගැනද රජය සහ සියලූ ආර්ථික බලධාරීන් නොදන්නවා නොවේ. මේ නිසා එක්වරම මේ පරශ්නය විසඳා ගැනීමට නොහැකි වුවත් මේ පරශ්නය සමනය කර ගැනීම සඳහා රජයට සහ මහ බැංකුවට යම් පරතිකර්ම ගත හැකිව තිබිණි. මුල සිටම මේ රජය සිටියේ බලවත් අධිතක්සේරුවක බව ද කිව යුතුය. රජය සහ මහ බැංකුව පරතිකර්ම නොගත්තාම නොවේ. එහෙත් ඒවා පරමාණවත් වී නැති අතරම ඇතැම් පරතිපත්ති කරියාමාර්ග පරශ්නය තවත් වැඩි වීමට ද හේතු වී ඇත. උදාහරණයක් ලෙස ඩොලරය රුපියල් 203 ක එකම ස්ථාවර අගයේ දීර්ඝ කාලයක් කෘතීරම ලෙස තබා ගැනීම සඳහන් කළ හැකිය. එහෙත් අවසානයේ මාර්තු 07 දින රුපියල පා කිරීමට මහ බැංකුවට සිදු විය.
එසේම විනිමය පරශ්නය උගර වෙමින් තිබියදී පවා අත්යවශ්ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමේ කරියාමාර්ග ගැනීමට බොහෝ පරමාද වීම සහ ජාත්යන්තර මූල්ය අරමුදලට යාමේ තීරණය ගැනීමට බොහෝ පරමාද වීම ද සඳහන් කළ හැකිය. තවත් කරුණු කාරණා ද තිබේ. මේ නිසා අපේ විනිමය අර්බුදය වර්තමානයේ තිබෙන බලවත් උගර තත්ත්වයට වර්ධනය වීම සම්බන්ධයෙන් නම් අනිවාර්යෙන්ම මේ රජයේ වගකීමක් තිබේ. රජයේ පරධානියා වශයෙන් මේ අර්බුදය දැන් පවතින තත්ත්වයට වර්ධනය වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වගකීමක් ද නැතුවා නොවේ. එහෙත් ජනාධිපතිවරයා පසුගියදා සිය ජාතිය අමතා කළ විශේෂ පරකාශයෙන් කියා සිටියේ මෙවැනි අදහසකි.
”ඔබගේ එදිනෙදා ජීවිතයට අත්යාවශ්ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇනහිටීමේ තත්ත්වය වැනි ගැටලූ ගැනත් මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා.
මා ගන්නා කරියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ කරියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා කරියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් පරථමයෙන්ම ඉල්ලා සිටිනවා.”
පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි කියා මේ පරකාශයෙන් ජනාධිපතිවරයා පරකාශ කර තිබුණත් එසේ සංවේදී නම් ඇත්තවශයෙන්ම අවශ්ය වන්නේ රජය විසින් නිසි තීන්දු තීරණ නිසි වෙලාවේ අපරමාදව ගැනීමයි. ඒ සම්බන්ධයෙන් රජය අපරමාදව කරියාත්මක වී නැති බව කිව යුතුය. විනිමය අනුපාතය සම්බන්ධයෙන් මෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදලට යෑම සම්බන්ධයෙන් ද තීන්දු ගැනීමට බලධාරීන් බොහෝ පරමාද වී තිබේ. පසුගිය දා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මාධ්යයට කියා තිබුණේ මහ බැංකුව විසින් රජයට දුන් යෝජනා මාස හයක් තිස්සේ කරියාත්මක වී නොමැති බවයි. මහ බැංකුව රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස නොයෙක් ආර්ථික උපදෙස් විටින් විට රජයට ලබා දෙයි. ඒවා එලෙසම කරියාත්මක කිරීමට ද රජය බැඳී නැත. එහෙත් අපට නම් පෙනෙන්නේ රජයත්, මහ බැංකුවත් රට මුහුණ දී සිටින මේ බලවත් විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා කිසියම් එකඟතාවකින් කටයුතු කර නැති බවයි. ඔවුන් නිසි පරතිපත්ති කරියාමාර්ග එකඟත්වයකින් ගැනීමට අසමත් වීම හරහා පරශ්නය තවත් වර්ධනය වීම ද සිදුව තිබේ. මේ නිසා පරශ්නය සමනය කර ගැනීමට රජය විසින් උපරිම දේ කළ බව ද පිළිගැනීමට අසීරුය. එසේම අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා මේ තත්ත්වය තවදුරටත් පවතින බව ජනාධිතිවරයා කියා සිටියත් අපට පාලනය කරගත හැකි දේවල් පවා හරිහැටි පාලනය කර නොගත් බව පෙනේ.
මේ අතරම අපගේ විනිමය අර්බුදය උගර වීමට අපගේ පාලනයෙන් බැහැර හේතුසාධක හේතු වී ඇති බව ද ඇත්තය. දැන් මෑත දී ඇති වූ රුසියා – යුකේරන යුද ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිල ගණන් වැඩි වීම ද අපට තවත් අහිතකර ලෙස බලපා ඇත. වෙනත් ලෝක භාණ්ඩ මිල ගණන් වැඩි වීම, නැව් ගාස්තු වැඩි වීම සහ බලශක්ති මිල ගණන් වැඩි වීම ද අපගේ ඩොලර් වියදම් වැඩි වීමට මෙන්ම අපගේ මිල පීඩනය උගර වීමට බලපා ඇත. එහෙත් ඊට අමතරව රුපියල දිගු කලක සිට එකම අගයක තියාගෙන සිට එක්වරම රුපියල පා කිරීම නිසා දැන් රුපියල සැලකිය යුතු ලෙස අවපරමාණය වෙමින් (අගය අඩු වෙමින්) තිබේ. මේ නිසා දැන් සිදු වී ඇත්තේ කුමක් ද? එනම් ලෝක මිල ගණන් වැඩි වීමෙන් ඇති වන පීඩනයට අමතරව රුපියල එක්වරම විශාල වශයෙන් පිරිහීමෙන් ඇති වන මිල පීඩනය ද අතිරේකව දැරීමට සිදු වීමයි. එනම් ඊයේ වන විට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.299 දක්වා ද ඉහළ ගොස් තිබෙනු දැකගත හැකි විය. එසේම මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ද පෙරේදා (22) පැවති ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 282.49 සිට ඊයේ (23) දිනයේ දී රු. 284.99 දක්වා රු.2.50 කින් ඉහළ ගොස් තිබේ. ඊට පෙර දිනයේ (22) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.7.50 කින් වැඩි විය. මේ නිසා අපගේ ජනයාට දැන් දෙපැත්තකින් බැට කෑමට සිදුව ඇත. එනම් ලෝක මිල ගණන් වැඩි වීම නිසා ඇතිවන මිල පීඩනයට සහ අපේ රුපියල පිරිහීමෙන් ඇති වෙන මිල පීඩනයට යන දෙකටම එකවර මුහුණ දීමට සිදුව ඇත. මුල සිටම කරමානුකූලව රුපියල අවපරමාණය වීමට මහ බැංකුව ඉඩ දුන්නේ නම් මේ සඳහන් කළ රුපියල පිරිහීමේ බලපෑම් සිදු වන්නේ අඩු වේගයකින් කරමයෙනි. ඒ අනුව කරමයෙන් සිදුවන විනිමය වෙනස්කම් අනුව වෙළෙඳපොළ තත්ත්වයන් හැඩගැසීම ද සිදුවනු ඇත. එසේ වූයේ නම් මෙතරම් විශාල මිල පීඩාවකට එකවර ජනයාට මුහුණ දීමට ද සිදු නොවීමට ඉඩකඩ තිබුණු බව නිසැක වශයෙන්ම කිව හැකිය. කෙසේ හෝ ඒ දේවල් සිදු වී හමාරය. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකිය. දැන් තිබෙන්නේ අනාගතයට හෝ නිවැරදිව මුහුණ දී නාහේ උඩින් වතුර යන තත්ත්වය වළක්වා ගැනීමයි. ඒ නිසා දැන්වත් අපේ විනිමය අර්බුදයේ දිග පළල නිවැරදිව හඳුනාගෙන එය සමනය කර ගැනීමට සමත් වන පරමාණවත් කරියාමාර්ග ගනිමින් එසේම එසේ ගන්නා කරියාමාර්ග නිරන්තරයෙන් පසු විපරමට භාජනය කරමින් නැවත නැවතත් ඒවා යාවත්කාලීන කර ගනිමින් මේ පරශ්නය සමනය කර ගැනීමට පියවර ගත යුතු වේ. මේ වන විට ජනාධිපතිවරයා පිහිටුවා ඇති ජාතික ආර්ථික සභාවට සහ ඊට උපදෙස් දීමට පත්කර ඇති උපදේශක මණ්ඩලයට මේ සඳහා ශක්තිය ලැබේවා කියා අපි පරාර්ථනය කරමු.
මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට තමා දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා සිය විශේෂ පරකාශයේ දී කීවේය. එහි තවදුරටත් සඳහන් වන්නේ එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, එයට සහාය වීමට උපදේශක සභාවකුත් තමා පත් කළ බවයි. මේ සඳහන අනුව අපට වැටහෙන්නේ මේ කියන ජාතික ආර්ථික කවුන්සිලය සහ එයට සහාය වන උපදේශක සභාව පත් කර ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීරණවලට උපකාරී වීමට මිස එම කවුන්සිලයෙන් හෝ උපදේශක මණ්ඩලයෙන් අවශ්ය උපදෙස් සහ නිර්දේශ ලබාගෙන නිවැරදි තීරණ ගැනීම සඳහා නොවන බවයි. ඒ ජනාධිපතිවරයාගේ විශේෂ පරකාශයේ සඳහන් වන පරිදි අපට වැටහෙන දෙයයි. එම විශේෂ පරකාශය ලියන විට නිවැරදි අදහස හරිහැටි සඳහන් නොවූයේ ද යන්න අපි නොදනිමු.
ඇත්තවශයෙන්ම එය සිදුවිය යුත්තේ කුමක් ද? ආර්ථික කරුණු ගැන දැනුමක් ඇති පරාමාණිකයන්ගේ, විශේෂඥයින්ගේ උපදෙස් සහ නිර්දේශ අනුව රටේ දැන් තිබෙන ආර්ථික පරශ්නය ගැන නිවැරදිව විශ්ලේෂණය කරමින් ජනාධිපතිවරයාට හෝ රජයට නිවැරදි තීන්දු තීරණ ගැනීමට අවශ්ය මගපෙන්වීම ලබා දීමයි. එවැනි කරියාවලියකට මේ ජාතික ආර්ථික කවුන්සිලය පත් කරගතහොත් යහපත් පරතිඵලයක් උදා කරගත හැකිවනු ඇත. එසේ නැතුව ජනාධිපතිවරයා ගන්නා තීරණවලට සහාය වීමට හෝ ජනපතිගේ තීන්දු තීරණ කරියාත්මක වීම ගැන අධීක්ෂණය කිරීමට පමණක් මේ කියන ආයතන පිහිටුවීමේ තේරුමක් තිබේ ද? මේ කවුන්සිලය හෝ උපදේශක සභාව අවශ්ය වන්නේ ජනාධිපතිවරයා ගන්නා හරි හෝ වැරදි ඕනෑම තීරණයකට සහාය වීමට නොව හරි තීන්දුව ගැනීමට අවශ්ය මගපෙන්වීම රජයට ලබා දීමට නොවේ ද? ඒ නිසා එවැනි කරියාවලියකට මේ ආයතන පත්කර ගත හැකි නම් ඉතා මැනවි. කෙසේ හෝ ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක් දැනටමත් ලබා දී ඇත. ඒවා ගැන අපට ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡුා කළ හැකිය. තමා ගන්නා තීරණවලට තමා වගවන බව ජනාධිපතිවරයා කියා සිටියත් වැරදි හෝ පරායෝගික නොවන තීරණ ගතහොත් අන්තිමට විදවන්නේ ජනතාවයි. මේ නිසා ජනාධිපතිවරයා තමාගේ තීරණ ගැන විශ්වාසය තබන ලෙස මහජනයාගෙන් ඉල්ලනවාට වඩා වැදගත් වන්නේ මහජනතාව වෙනුවෙන් නිවැරදි තීරණ අපරමාදව ගැනීමයි. එලෙස නිවැරදි තීරණ ගැනීමට අවශ්ය විශේෂඥ මඟ පෙන්වීම ලබා ගැනීමට මේ කියන ආර්ථික කවුන්සිලය සහ උපදේශක සභාව පරයෝජනවත් වනු ඇත. එසේ නිවැරදි තීරණ ගැනීම හරහා නාහෙ උඩින් වතුර යාමට පෙර මේ පරශ්නය සමනය කරගත යුතුව තිබේ.
ශ්යාම් නුවන් ගනේවත්ත

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...