Thursday, 24 March 2022


හම්බන්තොට ප්රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය.

ත්රිකුණාමලය වරායෙන් පසුගිය 19 වැනිදා මාලදිවයින වෙත ගමන් ආරම්භ කළ එම රුවල් යාත්රාව කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ඇති බවත් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්යස්ථානයට කළ දැනුම්දීමක් අනුව එම යාත්රාව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගත් බවත් නාවික හමුදාව පවසයි.
නාවික හමුදා හතරවන වේග ප්රහාරක මුර යාත්රා බලඝණයට අයත් පී 422 වේග ප්රහාරක යාත්රාව හම්බන්තොට වරායෙන් පිටත් කළ බවත් ආපාදවට පත්වූ රුවල් යාත්රාව සහ එහි සිටි පිලිපීන සහ ඕස්ටේ්රලියානු ජාතිකයන් දෙදෙනා නිරුපද්රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බවත් නාවික හමුදාව කීය.
රුවල් යාත්රාව අළුත්වැඩියා කටයුතු සඳහා එම රුවල් යාත්රාවේ දේශීය නියෝජිත ආයතනයට භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.


යොහාන් භාසුර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...