ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රොනික ත්‍රීවීල් රථයක් ( e -Wheeler) නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහචාර්යවරුන් වන ජනක ඒකනායක සහ ලිලන්ත සමරනායක ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇත.
සූර්ය බල ශක්තියෙන් ආරෝපණය කළ හැකි බැටරියක් මගින් ක්‍රියාත්මක එන්ජිමක් රහිත ඉලෙක්ට්‍රොනික ත්‍රීවීල් රථය සාමාන්‍ය ත්‍රීවීල් රථයක ගමන් වේගය ඇතුළු සෙසු පහසුකම් සියල්ලෙන්ම සමන්විත බව මහචාර්ය ලිලන්ත සමරනායක කීය. බැටරිය එක්වරක් ආරෝපණය කර කිලෝ මීටර 60 ක පමණ කාලයක් අඛන්ඩව මෙය ධාවනය කළ හැකි බවත් වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමේදී තවත් පහසුකම් අන්තර්ගත කිරීමේ හැකියාව තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික කාර් රථවල ලිතියම් බැටරිය ආරෝපණය කිරීමට අවම වශයෙන් විනාඩි 20 ක පමණ කාලයක් ගතවන බවත් මෙම ත්‍රිරෝද රථයේ බැටරිය ඉවත්කර ඒ වෙනුවට ආරෝපණය කළ බැටරියක් යෙදීමේ හැකියාව ඇති නිසා බැටරි ආරෝපණය කිරීමට අමතර කාලයක් වැය නොකර ත්‍රිරෝද රථය ධාවනය කළ හැකි බවත් ඔහු පැවසුවේය.
ඉන්ධන භාවිතයක් නැති නිසා ආර්ථික අතින් ප්‍රතිලාභයක් මෙන්ම පරිසර දූෂණයක්ද මෙමගින් සිදු නොවන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මෙරට ධාවනය කෙරෙන ත්‍රීවීල් රථ ප්‍රමාණය සැලකීමේදී එක් ත්‍රිරෝද රථයක් දිනකට එක් ලීටරයක් ලබා ගන්නා බවට අනුමාන කළත් ඉන්ධන ලීටර් ලක්ෂ 20 ක් අවශ්‍යය බවත් මේ නිසා අලුතින් ත්‍රිරෝද රථ ධාවනයට එක් කරනවාට වඩා තමන් සැලකිලිමත් වූයේ පවතින ත්‍රිරෝද රථ ඊ ත්‍රීවීල් බවට පත් කිරීම බවත් මහචාර්යවරයා පැවසුවේය.
“මේකේ බැටරිය මාරු කිරීම ගෑස් සිලින්ඩර් හුවමාරු වන ක්‍රමයට සකස් කර තිබෙනවා. සේවා මධ්‍යස්ථානයකට ගොස් තමන් ළඟ ඇති බැටරිය බාරදී ආරෝපිත නව බැටරියක් ලබාගත හැකියි. “ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ මහචාර්ය ජනක බණ්ඩාර ඒකනායක කීය.
“මේක සම්පූර්ණයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්“ ඔහු වැඩිදුරටත් කීවේය.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ කීවේ ලෝකයේ සිදුකෙරෙන පරීක්ෂණ වලින් නිපැයුමක් ලෙස සමාජයට දායදවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සෑම විටම රටේ පවතින අර්බුද වලට විසඳුම් ලබාදීමට උනන්දු වන බව උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.
කොවිඩ් මුව ආවරණය ඊට කදිම උදාහරණයක් බවත් ඒ සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.


No comments:
Post a Comment