Monday, 7 March 2022


විදේශ රැකියාවන්හි නියුතු ශ්රී ලාංකික ශ්රමිකයන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ය slbfe e connect යනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත.

මෙතෙක් කල් විදෙස් ශ්රමිකයන්ට ඒජන්සිවල නීත්යානුකූලබව, රැකියා ඇබෑර්තු ආදිය පිළිබඳ දැනගැනීමට හා පැමිණිලි යොමුකිරීමට හැකිවූයේ දුරකතන ඇමතුම් හා www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ පමණක් වන අතර, ඔවුන්ට නව තාක්ෂණය යොදාගනිමින් ඉතා උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ජංගම යෙදවුම හඳුන්වා දී ඇත.
මෙම ජංගම යෙදවුම මගින් සේවා ලබාගැනීම සඳහා පළමුය එය ජංගම දුරකතනයට බාගත කරගත යුතු අතර, ඉන්පසු තමන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර එහි ලියාපදිංචි වී සේවාවන් ලබාගත හැක.
තමා සේවය කරන ස්ථානයේ හෝ රැකියාවේ ප්රශ්නයක් තිබේ නම් පැමිණිලි කිරීම, යෙදවුමේ ලියාපදිංචි වී සිටින සියලුම පරිශීලකයන්ට එකවර පණිවුඩය යැවිය හැකිවීම, කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන හා එම ආයතනවල වලංගුභාවය සම්බන්ධ තොරතුරු ලබාගත හැකිවීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සඳහා කරනු ලබන බඳවාගැනීම් වෙනුවෙන් අයදුම්කිරීමට හැකිවීම, කාර්යාංශය මගින් නිකුත් කරන ප්රවෘත්ති මෙම යෙදවුම හරහා දැකගත හැකිවීම ආදී සේවා රැසක් මෙමගින් සළසා ගත හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි.
විදෙස්ගත රැකියාවක නිරතව සිටියදී යම් ගැයලුවක් ඇතිවුවහොත් විසඳුම් ලබාගැනීමට මෙය ඉතා වැදගත් බව කාර්යාංශය කියයි.
ඉදිරියේදී මෙම සේවාවන් තවදුරටත් පුළුල් කරමින් විදේශ රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වන්නන්ට ලියාපදිංචිවීමට හා ලියාපදිංචිය අලුත්කරගැනීමට පහසුකම් සළසා දෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


ඩයනා උදයංගනී

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...