Monday, 7 March 2022


යුක්‍රේන ජනාධිපති ඩොලෝඩිමිර් සෙලෙස්ති සමග සෘජුව සාකච්ඡා කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ, එහිදී ජනාධිපති පුටින් යුක්‍රේන සහ රුසියානු නියෝජිතයින් අතර සාකච්ඡාවල තත්වය පිළිබඳව අගමැති මෝදිට දැනුම් දී ඇති බව ය.

මේ අතර, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ රුසියාව හිතාමතා ම යුක්‍රේනයේ සන්නිවේදන පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බව ය.

එමගින් යුක්‍රේනයේ ඉන්ටර්නෙට් සබඳතාවලට බාධා එල්ල වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

පසුගිය සතිය පුරා මරියුපොල්, සුමි, කියෙව් සහ සහ කාර්මිට් නගරවල ඉන්ටනෙට් සේවා ඇණහිටීම් වාර්තා වී තිබිණි.

මේ අතර, රුසියානු බලශක්ති අලෙවියට සම්බාධක පනවන ලෙස ලිතුවේනියාවේ විදේශ අමාත්‍ය ගෙඩිඑලියස් ලෑන්ඩ්ස්බ ර්ගිස් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන් ආනයනය කරන බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන මුදල් රුසියාවේ මිලිටරි මෙහෙයුම් සඳහා යොදාගනු ලබන බව ය.

"යුක්‍රේනයේ රුධිරයෙන් තෙල් සහ ගෑස් සඳහා අපට ගෙවිය නොහැක," යනුවෙන් ලිතුවේනියාවේ විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රුසියානු තෙල් ආනයන සීමා කිරීම්වලින් දැඩි ලෙස බලපාන යුරෝපීය රටවල් අතර ඉතාලිය සහ ජර්මනිය ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...