ශ්‍රි ලංකාව මුහුණ පා සිටින බරපතළ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා වෙළෙඳ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බිබිසී පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදි ඔහු පෙන්වා දී ඇත්තේ, 2019 වසරේදි රජය විසින් VAT බද්ද 8%කින් හෙවත් අඩකින් අඩු කිරීම වරදක් බව ය.
ඉදිරි මාස 8ක කාලයක් සඳහා දෙනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 4ක මුදලක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන මත යැපෙන රටක් වන ශ්‍රි ලංකාවේ VAT බද්ද 8%ක් ලෙස පවත්වාගෙන යාම කළ නොහැකි දෙයක් බව පවසන ඔහු පෙන්වා දී ඇ ත්තේ , වැට් බදු ප්‍රතිශතය 13%ක් හෝ 14%ක් දක්වා ඉහළ දැමිය යුතු බව ය.
2019 වසරේදි ගෝඨාභය රාජපක්ස ජනාධිපති ධූරයට පත්වූ වහා ම බදු අඩු කිරීම වැරදි ක්‍රියාවක් බව ත්, ජාත්‍යන්ත මූල්‍ය අරමුදල වෙත යාමට ගත කළ කාලය වැඩි බව ත් අලි ස. පෙන්වා දී තිබේ.
No comments:
Post a Comment