19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලගැන්විය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කර අත්‍යවශ්‍ය හා කරුණු සංශෝධන කිසිවක් ඇත්නම් එම සංශෝධනවලට ද යටත්ව එය බලාත්මක කිරීම කාලෝචිත බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
අදාළ සංශෝධන කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක මගින් සකස් කර ගැනීමට ත් අනතුරුව එම කෙටුම් පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ත් කටයුතු කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දි ඇත.
පාස්කු ප්‍රහාරය, කොවිච් වසංගතය, රුසියානු- යුරේන යුද ගැටුම යන කාරණා තනිව පාලනය කිරීම අභියෝගයක් බව පෙන්වා දෙන රාජපක්ෂි මහතා මේ මගින් දැනුම් දී තිබෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා දේශපාලන අර්බුදයට මෙම කාරණා බලපා ඇති බව ය.
මෙම අවස්ථාවේ රට මුහුණ දී ඇති ප්‍රමුඛතම අභියෝගය වන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිම අනිවාර්ය සාධකයක් වන රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීයය ස්ථාවරත්වය ඇති කිරීම හා ඊට සාර්ථකව මුහුණ දිමට ගත හැකි කඩිනම්, ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් දැනුම් දි ඇත.

No comments:
Post a Comment