Monday, 25 April 2022

අධිකරණ නියෝගය විකෘති කළැයි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !


මාර්ග බාධක යොදා මුළුමනින් ම පාර වසා දමා පොලිසිය සිය රාජකාරියට බාධා කළ බව ක් අධිකරණ නියෝගය විකෘති කර අධිකරණයට අපහාස කළ බව ත් කියමින් ජනමාධ්‍යවේදින් පිරිසක් මානව හිමිකම් කොසමට හා කොටුව පොලිසියට ඊයේ (අප්‍රේල් 24) පැමිණිලි කළහ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවෙිදින් පිරිසක් විසින් මෙම පැමිණිලි කරනු ලැබිය.

සිය වාර්තකරණ කටයුතු සඳහා ලේක්හවුස් වට රවුම දෙසින් ගෝල්පේස් පිටිය දෙසට යාමට පැමිණි මාධ්‍යවේදින් ලෝටස් පාර දෙසින් මාර්ග බාධක යොදා පාර මුළුමනින් ම වසා තිබෙනු දැක ඒ ගැන කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට දුරකතනයෙන් දන්වා තිබේ.

එවිට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාර්ග බාධකයේ රාජකාරියේ නියුතු සහකාර පොලිස් අධිකාරීවරයාට සිය අනන්‍යතාව පෙන්වා අවශ්‍ය වාර්තාකරණ කටයුතු කරන්නැයි මාධ්‍යවේදින් පිරිසට පැවසූ බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසිය.

එහෙත් මාර්ග බාධකයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයා මාධ්‍යවේදින්ගේ හඩට කන් නොදි එතැනින් ඉවත් වූයෙන් පැයකට අධික කාලයක් එහි රස්තියාදු වන්නට මාධ්‍ය කණ්ඩායමට සිදු වූ බව ඔහු කිය.

ඉන්පසුව මාධ්‍යවේදීන් පිරිස කොළඹ කොටුව පොලිසියට හා මානව හිමිකම් කොමිසමට වෙන වෙන ම පැමිණිලි දෙකක් කළ බව ජයවර්ධන මහතා කිය. පැමිණිලි කිරිමෙන් අනතුරුව උඝෝෂක ස්ථාන වෙත පැමිණි මාධ්‍යවේදින් එහි සිටි නියෝජ්‍ය

පොලිස්පතිවරයකුගෙන් උසාවි නියෝගයක් නොමැතිව පාරවල් වැසුවේ ඇයිදැයි විමසූ බවත් මිරිහානේ විරෝධයේදී හටගත් තත්වය උපකල්පනය කර එවැනි තීරණයක් ගත්තේ යැයි ඔහු කි බව ත් ජයවර්ධන මහතා පැවසිය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...