Saturday, 9 April 2022

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට..!


මීට පෙර ගැසට් පත්‍රයේ පළ නොකරන ලද ඖෂධවල මිල 20%කින් ඉහළ නැංවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NARA) අනුමැතිය ලබා දී තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, අදාළ මිල ගණන් අප්‍රේල් 8 වන දා සිට බලාත්මක වන බව ය.

රුපියල අවප්‍රමාණ වීම සැලකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹ ඇති බව ඔෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.

මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වන දා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖශධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනු ලැබ ඇත.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...