84 හැවිරිදි තිදරු මවක් නිවසේ තනිව සිටි අවස්ථාවකදී ඝාතනය කර ඇය පැළඳ සිටි රන් කරාබු යුවළක් ඝාතකයන් විසින් රැගෙන ගනු ලැබ ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ උතුරු මැද කුඹුර වතුයායේ එන්.සි. කොටසේ පදිංචිව සිටි අම්මායි මුකායි නැමති තිදරු මවගේ මුඛය රෙදි කැබැල්ලක් සිර කර රෙදි පටියක් ආධාරයෙන් ගෙළ සිර කර ඝාතනය කර ඇති බව ය.
වටගොඩ ප්‍රදේශයට ඊයේ (අප්‍රේල් 8) පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ඇය නිවසේ නිදාගෙන සිට ඇත.
පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේ නිවසට ඇතුළු වු කිසියම් පුද්ගලයෙකු ඇය ඝාතනය කර පැළඳ සිවි රන් කරාබු යුවළ රැගෙන ගොස් ඇති බව ය.
අප වාර්තාකරු සඳහන් කළේ, මියගිය කාන්තාවගේ දරුවන් නිවසෙන් එම අවස්ථාවේ බැහැරව සිට ඇති අතර එම දරුවන් ඊයේ පශ්වරු 4.30 පමණ නිවසට පැමිණ මව නිදා සිටි නිසා එයට බාධා නොකර ඇති බව ය.
පසුව යළි පස්වරු 6.30ට පමණ පරික්ෂා කර බැලිමේදී මව ඝාතනය කර ඇති බවට සැලවී ඒ පිළිබඳව තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව අප වාර්තාකරු පැවසීය.
ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇති බව අප වාර්තාකරු වැඩිදුරට ත් පැවසීය.
රංජිත් රාජපක්ෂ - හැටන්
No comments:
Post a Comment