"ආණ්ඩුවට වැදිලා තියෙන්නේ පාස්කු කුමන්ත්රණයේ ශාපය" - කාදිනල් හිමි"ශ්රී ලංකාවේ ඉතාමත් ම විනාශකාරී වූ ලේ වැගිරීම අපට අමතක කරන්න බෑ. බලයේ ඉන්න රජය එදා ඡන්දයට ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පූර්ණයෙන් ම ඒ අය පාවිච්චි කළා. අපි තේරුම්ගත්තා එදා ම මේ මහා විනාශය පිටිපස්සේ කුමන්ත්රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් හෙළිවේගෙන යනවා කුමන්ත්රණකාරයෝ කවුද කියලා. ඒ කුමන්ත්රණකාරයින්ට බලය අල්ලා ගන්න පුළුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බෑ. දෙවියන් වහන්සේගේ ශාපය ඔවුන්ට ලැබිලා තියෙන්නේ. බලය අල්ලගත්තට වැඩක් නෑ. බලය හරියට පාලනය කරන්න, පාවිච්දි කරන්න ඒ අය දන්නේ නෑ.
ජනාධිපති කොමිසමෙන් දුන්න තීන්දු තීරණවලින් වැඩි ප්රමාණයක් ක්රියාත්මක නොකර මුස්ලිම් මිනිසුන්ට විතරක් මේකේ වරද පටවලා ඒක පිටිපස්සේ හිටපු අනෙක් බලවේග සේරම හංගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා ඒකට වැදිච්ච ශාපයක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. නීතිපතිතුමා මේ ක්රමවේදයේ වහලෙක් වෙලා ඉවරයි. ඒ නිසා මේ රටේ නීතියක් කියලා එකකින් යුක්තිය ඉටු කරගන්න අපේ මිනිසුන්ට ඉඩ කඩක් නෑ."
කාදිනල් හිමි
අප්රේල් 9, 2022
මීගමුවේදී
වත්මන් රජය පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන් ම සිය මැතිවරණය සඳහා භාවිත කළ බව කාදිනල් මැල්කම් රංජිත් පියතුමාණෝ පවසති.
උන්වහන්සේ සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය පිටිපස කුමන්ත්‍රණයක් ඇති බවට තේරුම් ගෙන සිටි අතර
මේ වන විට එම කුමන්ත්‍රණය පිටිපස සිටි කුමන්ත්‍රණකරුවන් කවුරුන්දැයි හෙළි වෙමින් පවතින බව ය.
එම කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලා ගැනීමට හැකි වුව ද බලය ආරක්ෂා කර ගැනීමට නොහැකිව ඇති බව ත් එසේ වී ඇත්තේ දෙවියන් වහන්සේගේ ශාපය හේතුවෙන් බව ත් කාදිනල් හිමියෝ පැවසූහ.
නීතිපතිවරයා ද මෙම ක්‍රමයේ ම වහලෙක් බවට පත් වි අවසන් යැයි උන්වහන්සේ වැඩිදුරට ත් පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මීගමුවේ පැවති විරෝධතාවකට සහභාගි වූ අවස්ථාවේදි ය.
No comments:
Post a Comment