Thursday, 7 April 2022


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවට ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පුද්ගලයින් 200 දෙනෙකු යෙදවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අප්‍රේල් 6 පාර්ලිමේන්තුර්වේදී ය.

ආදාළ සිදුවීම අතරතුර ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවූ බව ත් ඊට නිශ්ශංක සේනාධිපති මහතා සහභාගි වූ බව ත් ඔහු එහිදී පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, එම රැස්වීම මෙහෙයවනු ලැබුවේ නිශ්ශංක සේග්නාධිපති විසින් බව ය.

"මිරිහාන සිදුවීම යනකොට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයේ හදිසි රැස්වීමක් කැඳවා ඒ රැස්වීමට ඇවන්ට් ගාඩ් එකේ ප්‍රධානියා නිශ්ශංක ස්නාධිපති ත් සම්බන්ධ වුණා. මම වගකීමෙන් කියන්නේ. නිශ්ශංක ස්නාධිපති තමයි සම්පූර්ණ එතන රැස්වීම මෙහෙයුවේ. නිශ්ශංක ස්නාධිපති ඉතා පැහැදිලිව කිවිවා බය වෙන්න දෙයක් නැහැ, මම මිරිහානට 200ක් බැස්සුවා කියලා. පවුල් පිටින් මම 200ක් බැස්සුවා කිවිවා. ආණ්ඩුව ම පිරිස් යොදවලා, ආණ්ඩුව ම දැනුවත්ව මැදිහත් වෙලා උසෝපණ කඩාකප්පල්කාරී කරලා ප්‍රචණ්ඩකාරී විධියට හැසිරෙන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා."

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...