Monday, 25 April 2022

ශ්රීලන්කන් සමාගම ගුවන් යානා 21ක් කුලියට ගැනීමට කෝප් කමිටුව හරස් වෙයි !


ගුවන් යානා 21ක් කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසක කාලයකට කල් දමන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අද ශ්‍රිලන්කන් ගුවන් සමාගමට නිර්දේශ කළේ ය.

ඒ අනුව, 2022-2025 අතර කාල සීමාවේදී ගුවන් යානා 21ක් කුලියට ගැනීම සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කල් දැමීමට නිර්දේශ ඉදිරිපත් කරන ලද්දේ, ඒ පිළිබඳව අද කෝප් කමිටුව කළ සාකච්ඡාවලින් අනතුරුව ය.

එහිදි, රටේ පවතින ආර්ථික තත්වය හමුවේ සම්පුර්ණ ක්‍රියාවලිය සමාලෝචනය කරන ලෙස ත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේ ද යන්න සොයා බලන ලෙස ත් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබිණි.

ශ්‍රිලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා කුලියට ගැනීම සම්බන්ධව පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ වාද විවාද හේතුවෙන් ඇති වූ යෝජනාවක් මත එම ආයතනය අද දිනයේදි කෝප් කමිටුව වෙත කැඳවා තිබිණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...