Monday, 25 April 2022

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කරන්න පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ඉවත දමයි !


කොල්ලුපිටියේ පිහිටි අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පිඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින දඝෝෂණකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (අප්‍රේල් 25) ප්‍රතිෂ්ප කළේ ය.

යම් හෙයකින් එම ස්ථානයේ උෂ්ඝණය කරමින් සිටින පිරිස මහජන පිඩාවක් ඇති වන ආකාරයෙන් කටයුතු කරනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දැනුම් දුන්නේ ය.

මෙම උඝෝෂණයට සහභාගි වන නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.

පවතින රජයට හා ජනාධිපතිවරයාට එරෙහිව ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උඝෝෂණයට සහය පළ කරමින් යම් පිරිසක් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරියේදි පෙරේදා දින සිට උෂෝසිණයේ නිරත වන බව ත්, ඒ හේතුවෙන් එම මාර්ගයේ පදික වේදිකාව භාවිත කරන ජනතාවට මහත් හිරුහැරයක් සහ කරදරයක් සිදුව ඇති බැවින් එම උඝෝෂණකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස කොල්ලුපිවිය පොලිසිය මෙලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.


හංසි නානායක්කාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...