Thursday, 7 April 2022


කල් දැමුණු දහම් පාසල් ශ්රේණි විභාගය 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බවය.
පසුගිය අප්රේල් මස 03 වන දින දහම් පාසල් ශ්රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබු අතර ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.
මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල තෙවන වාරයේ පාසල් නිවාඩුව ඊයේ (06) දිනයේ සිට ලබාදෙනු ලැබීය.
අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ, නැවත පළමු වාරය සඳහා පාසල් ආරම්භය අප්රේල් මස 18 වන දින සිදුකරන බවය.
තෙවන පාසල් වාරය සඳහා පාසල් නිවාඩුව හෙට (08) දිනයේ සිට ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද පවතින විදුලි කප්පාදුව සහ ප්රවාහන ගැටලුව හමුවේ එය ඊයේ දිනයේ සිට ලබාදීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...