Thursday, 28 April 2022

රඹුක්කන වෙඩි තැබීම්වලට අදාළ පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට CIDය විමර්ශන අරඹයි !


රඹුක්කන විරෝධතාව අතරතුර වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
උසස් නිලධාරීයෙක් පවසයි.

ඔහු සඳහන් කළේ, විමර්ශන ඔස්සේ හඳුනා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ය.

රඹුක්කන විරෝධතාව අතරතුර වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුව වහා ම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා අද (අප්‍රේල් 28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගය අද දින පොලිස් මූලස්ථානය වෙත ලැබුණු බව ය.

රඹුක්කන විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අ‍ෙඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (අප්‍රේල් 27) නියෝග කළේ ය.

අදාළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලැබූ අතර පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, අදාළ තුවාල වෙඩි වැදිම් හේතුවෙන් ඇති වූ ඒවා බව ය.

අප්‍රේල් 19 වන දා රඹුක්කන ප්‍රදේශයේදි ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙන් අදාළ විරෝධතාව ඇති වී තිබිණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...